Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2018 21:03:35 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් කිලිනොච්චි සිවිල් වැසියන් වෙත කෘතීම පාද බෙදාදෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත සිවිල් වැසියන් සඳහා කෘතීම පාද බෙදාදීමේ තවත් එක් ව්‍යාපෘතියක් කුණ්ඩසාලේ ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථානයේ සහයෝගය ඇතිව සෙනසුරාදා (09) දින පැවැත්වූහ.

මෙම වැඩසටහනේ දී ප්‍රදේශයේ සිවිල් බලධාරීන් සහ ග්‍රාම නිලධාරිවරුන් සමඟ සම්බන්ධතාවයෙන් තෝරාගත් ආබාධිත සිවිල් වැසියන් සඳහා ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරින්ගේ උපදෙස් මත කෘතීම පාද නිර්මාණය කිරීමට මිනුම් ලබාගනු ලැබීය.

මෙම වැඩසටහනේ දි කිලිනොච්චි භට පිරිස් ඇතුළු අනුග්‍රාහකයින් විසින් රුපියල් මිලියන 1.2 ක වටිනාකමින් යුතු කෘතීම පාද තොගයක් කිලිනොච්චි සංහිඳියා මධ්‍යස්ථානයේ පැවැති උත්සවයේ දී ආබාධිත සිවිල් වැසියන් 28 දෙනෙකු වෙත බෙදාදෙන ලදි.

මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහ මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය දායකත්වය සැපයූ කුණ්ඩසාලේ ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථානයේ වෛද්‍ය එස්.එස් අත්තනායක ඇතුළු කණ්ඩායම ද එක්ව සිටියහ.

571 වන බලසේනාව සහ ඒ යටතේ වන ස්ථාපිත ඒකකයන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භකාස, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සිවිල් වැසියන් ද එක්ව සිටියහ.

Best Nike Sneakers | Sneakers