Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

භට පිරිස් හා උලියන්කුලම ගම්වාසින් එක්ව වැලි කොට්ට 2800 ක් පමණ අසුරා වැව් බැම්ම ආරක්ෂා කරයි

කිලිනොච්චිය, තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උලියන්කුලම වැව් බැම්මේ ප්‍රධාන ස්ථානයක බීදිමක් ඇති බැව් ගම්වාසින් විසින් දැනුම්දීමෙන් අනතුරුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 10 වන සහ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ 150 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් හා 100 කට වැඩි ගම්වාසීන් පිරිසක් එක්ව ඉරිදා (27) දින පෙරවරුවේ වැලි කොට්ට 2800 ක් පමණ අසුරමින් වැව් බැම්මේ ඇතිවී තිබෙන හානිය වළක්වාලීමට කටයුතු කරන ලදී.

ගොවිතැන් කටයුතුවල නියැලෙන ගම්වාසීන් සෙනසුරාදා (26) දින පස්වරුවේ 65 වන සේනාංක මුලස්ථානයට පැමිණ එම අන්තරාදායක තත්වය පිළිබඳව සේනාංකාධිපතිවරයා වෙත දැනුම් දුන් අතර අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වැව් බැම්ම සහ ප්‍රදේශයට සිදුවීමට ඉඩඇති හානිය අවම කිරීම සඳහා උපකාර ඉල්ලා සිටියහ.

65 සේනාංක මූලස්ථානය විසින් මුලතිව් වාරිමාර්ග ඉංජිනේරුවරයා සහ කිලිනොච්චි ආපදා කළමණකාරණ මධ්‍යස්ථානය වෙත පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවිමෙන් අනතුරුව ඔවුන් ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාර දැක්වූහ. එසේම, මෙම තත්වයට අවැසි හදිසි අවශ්‍යතා පිළිබඳව කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ද දැනුවත් කරනු ලැබීය.

මේ අතරතුර, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස් ගේ සහ අනෙකුත් බලධාරීන්ගේ උපදෙස් පරිදි භට පිරිස් වහාම ක්‍රියාත්මක වී වැලි එකතු කිරිමේ කටයුතු වල නියැලුනු අතර ගම්වැසියන්ගේ ද සහයෝගය ඇතිව ට්‍රැක්ටර් රථ 50 ක් පමණ යොදා ගනිමින් එම වැලි කොට්ට ප්‍රවාහනය කෙරිණි.

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් සියලුදෙනාම එක්ව පැය කිහිපයක් තුල පිටාර මට්ටමට ආසන්නව තිබූ වැව් බැම්මේ හානි වු ස්ථානයන් වටා වැලි කොට්ට 2800 කට වැඩි ප්‍රමාණයක් අසුරන ලදී.

මෙහිදී සේනාංකාධිපතිතුමන්, ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරින් විසින් එම කාර්ය සමීපව නිරික්‍ෂණය කරමින් අවශ්‍ය උපදෙස් ද ලබාදුන්හ.

භට පිරිස් විසින් ඉරිදා (27) දින වන විට වැව් බැම්මේ ඇතිවු තත්වය පාලනය කිරිමට සමත් වු අතර වාර්තා වූ තොරතුරුවලට අනුව මෙම උලියන්කුලම වැව ආශ්‍රිතව පවුල් 500 ක් පමණ ජීවත් වේ.

Authentic Nike Sneakers | Men's Footwear