Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2018 12:41:23 Hours

කසළ නිසි ආකාරව බැහැරකිරීම පිළිබඳව මධ්‍යම භට පිරිස් විසින් හල්දුම්මුල්ල ජනතාව දැනුවත් කෙරේ

ලෝක පරිසර දිනය සහ ජාතික රුක් රෝපණ සතියට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දිවයින පුරා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අධික්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් ද පරිසර හිතකාමි වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධතාවයෙන් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ එක් නිලධාරීයෙක් සහ සෙබලුන් 25 දෙනෙක් 2018 ජූනි මස 05 වන දින පෙ.ව. 9.00 සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහ.

හල්දුම්මුල්ල ප්‍රදේශයේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා එහි වෙසෙන ජනතාවගේ අවධානය යොමු කිරීමේ අරමුණින් කසළ නිසි ආකාරව බැහැරකිරීම සහ ස්වභාව සෞන්දර්ය ආරක්ෂා කිරීම සඳහා යොදා ගත හැකි පියවර පිළිබඳ මෙහිදි දැනුවත් කරනු ලැබීය.

මාර්ගයේ දෙපස බිම දමා තිබූ දිරා නොයන කසළ ඉවත් කිරීම සඳහා ප්‍රදේශයේ පාසල් දරුවන් ද එක්ව සිටි අතර, ඔවුන් වීදි නාට්‍යයක් ද ඉදිරිපත් කරමින් පාරිසරික පාගමන සඳහා එක්වූහ.

මෙහි තවත් අරමුණක් වූයේ සිවිල් වැසියන් සහ සන්නද්ධ හමුදාවන් අතර සුහඳත්වය ප්‍රවර්ධනය කිරීමයි.

Buy Sneakers | Nike Shoes