Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2018 18:30:30 Hours

59 වන සේනාංකයේ භට පිරිස් මුහුදුබඩපත්තු සිවිල් වැසියන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරයි

මූලතිව් දිස්ත්‍රික් අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය - 2018, අවසන් තරඟ සෙනසුරාදා (03) දින මූලතිව් මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

මෙම තරඟාවලිය ජාතින් අතර සහජිවනය සහ සංහිඳයාව ඇතිකරලීමේ අරමුණින් යුතුව 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.එච්.එල්.ජි. අමරපාල ගේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබීය.

මෙම ක්‍රිකට් තරඟාවලිය ක්‍රීඩාලෝලින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මුලතිව් නගරයේ දී පැවැත්විණි. එම තරඟාවලිය සඳහා මූලතිව් දිස්ත්‍රික්කයේ සිංහල, දමිළ සහ මුස්ලිම් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් 51 ක් සහභාගි විය.

මෙම තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට චන්ද්‍රන් ක්‍රීඩා සමාජය සමත් වූ අතර අනුශූරතාවය නන්පර්කල් ක්‍රීඩා සමාජයට හිමිවිය. තරඟාවලයේ තෙවන ස්ථානය හිමිකරගැනීමට උදයන් ක්‍රීඩා සමාජය සමත් විය.

තරඟාවලියේ අවසන් තරඟයේ දී පළමුව පන්දුවට පහරදුන් නන්පර්කල් ක්‍රීඩා සමාජය ලකුණු 162 ක් ලබාගත් අතර, පිළිතුරු ඉනීම ක්‍රීඩා කල චන්ද්‍රන් ක්‍රීඩා සමාජයේ පිතිකරුවන්ට අභියෝගයක් නොවු එම ලකුණු ප්‍රමාණය පන්දුවාර 05 ක් අවසානයේ ලබාගැනීමට සමත්විය.

උදයාරම්කට්ටු, නන්පර්කල් ක්‍රිකට් කණ්ඩායමේ සිංහල ක්‍රීඩකයෙක් ද ක්‍රීඩා කල අතර, විජේරත්න නැමැති ඔහු රත්නපුර ප්‍රදේශයේ සිට පැමිණ දැනට පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ පදිංචිව සිටියි. ඔහු සිය කණ්ඩායම අවසන් තරඟය දක්වා රැගෙන ඒමට දක්‍ෂ ලෙස ක්‍රීඩා කළහ.

59 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු සහභාගි විය.

මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයින් ලෙස ශ්‍රී ලංකාවේ පළාත් සහ දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණු කළමණාකරු හේමාල් මෙන්ඩිස් මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කීර්තිමත් ක්‍රීඩකයකු වන ලුතිනන් අජන්ත මෙන්ඩිස් සහභාගි විය.

මෙම අවස්ථාවට මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සමඟින් මූලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ අඥාපති මේජර් ජෙනරාල් සී.එස්.ඇටිපොළ, 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය, 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩි.සී.කේ.කොස්තා, 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.එච්.එල්.ජි. අමරපාල එක්ව සිටි අතර, ජයග්‍රාහක කණ්ඩයම් වෙත කුසලාන සහ සහතිකපත් මෙන්ම මුදල් වවුචර් ද පිරිනමනු ලැබීය. තවද තරඟාවලියේ වීරයා හට ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගමන් කිරීම සඳහා ගුවන් ටිකට්පතක් ද පිරිනමනු ලැබීය.

Sports Shoes | Buy online Sneaker for Men