Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th June 2018 14:00:52 Hours

121 වන බලසේනාවේ භට පිරිස් පාසල් උපකරණ බෙදාදෙයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 බලසේනාවේ භට පිරිස් විසින් කොළඹ කැපිටල් සිටි රොටරි සමාජය හා සම්බන්ධිකරණයෙන් මොණරාගල, මැදගම, බඩල්කුඹුර, සියඹලාණ්ඩුව, වැල්ලවාය සහ තණමල්විල යන ධරිද්‍රතාවය ඉහළ මට්ටමක පවතින අධ්‍යාපන කලාපයන්හි පාසල් සිසුන් 220 දෙනෙකු වෙත පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

මෙම පරිත්‍යාග වැඩසටහන මැයි මස 21 සහ 23 යන දිනයන් හිදී මැදගම ජාතික පාසල් පරිශ්‍රයේ සහ මොණරාගල රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පසුගිය වර්ෂ ප්‍රශ්න හා පිළිතුරු පත්‍ර ද මෙම පොත් තොගයට ඇතුලත් වූ අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා විශ්‍රාමික විදුහල්පති ආචාර්ය කමල් බණ්ඩාර, කොළඹ කැපිටල් සිටි රොටරි සමාජයේ ඒ.ආර් රත්නායක මහතා සහ 121 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් කොස්වත්ත ද එක්ව සිටියහ.

Nike sneakers | Air Jordan 1 Mid - Collection - Sb-roscoff