Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2018 20:32:09 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන මළල ක්‍රීඩා උළෙල නැවුම් බලාපොරෝත්තු රැසක් සමඟින් සාර්ථකව නිමාවේ

කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස විසින් සංවිධානය කරනු ලබන ජවන හා පිටිය මළල ක්‍රීඩා උළෙල මැයි මස 31 දින සිට ජූනි මස 2 දින දක්වා තෙදිනක් පූරාවට කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පුහුණු සැලැස්මට අනුව පැවැත් වූ මෙම ක්‍රීඩා උළෙල සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය, 57 වන සේනාංකය , 65 වන සේනාංකය, 66 වන සේනාංකය සහ කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් යුද්ධ හමුදා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූහ.

මැරතන් ධාවන තරඟ, සහාය දිවිමේ තරඟ, දිගු දුර ධාවනය, උස සහ දුර පැනීම, යගුලිය විසිකිරීම, හෙල්ල විසිකිරීම, කවපෙත්ත විසිකිරීම වැනි ජවන හා පිටිය ඉසව් 17 කින් සමන්විත වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම මළල ක්‍රීඩා තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්සිය දක්ෂතා විදහා දක්වන ලදි.

එහිදී, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන මළල ක්‍රීඩා උළලේ ශුරතාවය 57 වන සේනාංකය විසින් හිමි කර ගනු ලැබීය.

මෙම ක්‍රීඩා උළලේ සමාප්ති උත්සවය සෙනසුරාදා (02) දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නැවුම් බලපොරෝත්තු රැසක් කළඑළි දල්වමින් ක්‍රීඩා උළෙල නිමාවට පත්විය.

අන්තර් රෙජිමේන්තු ජවන හා පිටිය මළල ක්‍රීඩා තරඟාවලියේ සමාප්ති උත්සවය සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගි වූහ. එම තරඟාවලියේ දී සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම ක්‍රීඩා කෞෂල්‍යයන් මැනවින් ප්‍රදර්ශනය කරමින් ඔවුන් ජාතික හා ජාත්‍යන්තර මට්ටම කරා ලඟාවීමට හැකියාව ඇති ක්‍රීඩකයින් බව මනා සේ විදහා දැක්වූහ.

තෙදිනක් පුරා පැවැති මෙම මළල ක්‍රීඩා තරඟාවලියේ දී මීටර් 100, මීටර් 200, මීටර් 400, මීටර් 800, මීටර් 1500, මීටර් 500, මීටර් 100 x 4, මීටර් 200 x 4, දිගු දුර ධාවනය, උස සහ දුර පැනීම, යගුලිය විසිකිරීම, හෙල්ල විසිකිරීම, කවපෙත්ත විසිකිරීම සහ කඹ ඇඳීම වැනි තරඟ ඉසව්වන් ද පැවැත්විණි.

මෙම තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් ඩබ්ලිව්.එම්. කරුණාවතී තේරීපත් වූ අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.ආර්.එන්. රණවක තේරීපත් විය.

තරඟාවලියේ ජයග්‍රාහකයින් හට කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සිදු කෙරිණි.

මෙම මළල ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය බ්‍රහස්පතින්දා (31) දින පැවැති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද සහභාගි විය.

Best Nike Sneakers | Zapatillas de running Nike - Mujer