Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st June 2018 14:29:48 Hours

3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සෙබලුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනයට පිටුවහලක්

අනුරාධපුර, කලත්තෑව පිහිටි 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සෙබලුන්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති නවතමයෙන් ඉදිකරන ලද බුදු මැඳුර පසුගිය දා ආගමික වතාවත් මධ්‍යයේ නව සන්නද්ධ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.කේ.එස්. සිල්වා ගේ සුරතින් විවෘත කරනු ලැබීය.

එහිදි මහසඟරුවන විසින් සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද එක්කළහ. මෙම පූණ්‍යකර්මය සඳහා එම ඒකකයේ සියලු නිලයින් දායකත්වය දැක් වූ අතර, මේ වෙනුවෙන් සමරු ඵලකයක් ද නිරාවරණය කරන ලදි.

3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒ.පි.ඒ.ඩි.ඩි ධර්මකීර්ති ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sneakers Store | Nike nike dunk high supreme polka dot background , Gov