Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th May 2018 14:45:31 Hours

යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම එක්සත් ජාතින්ගේ වෙසක් සැමරුමේ දී දස්කම් දක්වයි

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ වාර්ෂික වෙසක් සැමරුම - 2018, පැරීසියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ සියලු ආසියානු ශාන්තිකර කලාපීය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ සාමාජිකයින් විසින් ‘ජාත්‍යන්තර බෞද්ධාගමික සහජීවනය සහ අවිහිංසාව’ (Promotion of Peace and Non-Violent Buddha's Way of Life) යන තේමාව යටතේ බ්‍රහස්පතින්දා (24) දින ප්‍රංශයයේ පැරීස් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධාන මූලස්ථානයේ දී ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලදි.

පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීමකට යුද්ධ හමුදාධිපතිතුමා ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා තුර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංස්කෘතික කණ්ඩායමේ සාමාජිකයින් 16 දෙනෙකු දින කිහිපයක් පූරා පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයේ දී සම්ප්‍රදායික සංස්කෘතික නර්තන පැවැත්වීම සඳහා මැයි මස 22 වන දින ප්‍රංශය වෙත පිටත්ව යන ලදි.

මෙම ඉල්ලීම ලද පසු ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා තුර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ෆරීස් යූසෆ් වෙත පැරිසියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සඳහා නර්තන කණ්ඩායමක් පිටත්කර යැවීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදුන්හ.

මේ අතර, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු බුද්ධි කේ. අතාවුද මහතා විසින් යුද්ධ හමුදාධිපතිතුමා වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් සමාරම්භක දිනය (24) වෙනුවෙන් යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම කළ ඉදිරිපත් කිරීම පිළිබඳව ප්‍රශංසා කර තිබුණි.

“ඔබගේ නර්තන කණ්ඩායම මෙහි පැවති වෙසක් සැමරුම් උළලේ දී විශිෂ්ඨ දස්කම් දැක් වූ අතර, මෙය පැරීසියේ පැවති හොඳම වෙසක් උත්සවය විය. එය අප ඉහළට ඔසවාතැබුවා. ඔබ ලබාදුන් සහයෝගයට මෙන්ම යුද්ධ හමුදා නර්තන කණ්ඩායම පැරීසියට පිටත්කර එවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් බොහෝම ස්තුතියි” යනුවෙන් තනාපතිතුමාගේ එම පණිවිඩයේ සඳහන් විය.

බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමඟුල සිහිකරමින් වෙසක් උත්සවය සමරනු ලැබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශය මත වර්ෂ 1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර වෙසක් දිනය ප්‍රකාශයට පත් කරන ලදි. එතැන් පටන් එක්සත් ජාතීන්ගේ මූලස්ථානය සහ අනෙකුත් එක්සත් ජාතීන්ගේ කාර්යාල විසින් වාර්ෂිකව වෙසක් උත්සවය සමරනු ලැබේ.

මීට අමතරව, මැයි මස 26 සිට ජූනි මස 01 දක්වා මැලේසියා, බ්‍රික්ෆිල්ඩ් බෞද්ධ මහා විහාර පරිශ්‍රයේ ප්‍රථම වරට පැවැත්වෙන වෙසක් තොරණ ඇතුලු වෙසක් සැමරුම් උත්සවයේ දී නර්තන හැකියාවන් විදහා දැක්විම සඳහා යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායමේ එම සාමාජිකයින් 16 දෙනා මැලේසියාව බලා ද පිටත්ව ගියහ.

Sneakers Store | jordan Release Dates