Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th May 2018 10:59:05 Hours

8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් කඩාවැටුණු ගසක් ඉවත් කරයි

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 583 වන බලසේනාවේ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක් වන පින්දෙනිය, අටලවත්ත ප්‍රදේශයේ වතු නිවාස පෙළක් මතට කඩා වැටුණු දැවැන්ත ගසක් ඉරිදා (13) දින ඉවත් කරනු ලැබීය.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිවිල් වැසියන් සමඟ එක්ව කඩා වැටුණු ගස ඉවත් කිරිමට කටයුතු කරන ලදි.

මිනිත්තු කිහිපයක් තුලදි යුද්ධ හමුදා භට පිරිස් සිවිල් වැසියන්ගේ සහාය ඇතිව එම ගස ඉවත් කර, එම පරිශ්‍රය ද පිරිසිදු කරනු ලැබීය.

ඉන් අනතුරුව, ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ආපදාවට ලක් වූ පවුල් 11 ක් ළඟම පිහිටි පාසලේ තාවකාලික නවාතැන් පහසුකම් සලසාදෙන ලදි.

පදිංචිකරුවන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් ගස ඉවත් කිරීම සඳහා දැක්වූ ක්ෂණික සහයෝගය පිළිබඳව යුද්ධ හමුදාව වෙත සිය ස්තුතිය ද පුදකළහ.

Sneakers Store | Hats to Match Jordans Hyper Royal Bulls Hat