Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2018 20:37:27 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතිය ගොඩනැංවීමේ ක්‍රියාවලිය පිළිබඳව ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ ප්‍රසාදය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනාවකට අනුව මෙරට සංචාරයක නිරත ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) සඳුදා (14) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා මුලස්ථානයේදී නිල වශයෙන් හමුවුහ.

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

හමුදා සම්ප්‍රදායානුකුලව යුද්ධ හමුදා මූලස්ථානයේ මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි විසින් ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සරඹ භූමියට ඇතුළුවීමට පෙර එතුමන්ව උණුසුම් අයුරින් පිළිගත්හ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමා විසින් ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සිය කාර්යාලය වෙත කැඳවාගෙන යාමට ප්‍රථම හමුදා ලේකම් කාර්යාලයේ දී යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න, මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහ අනෙකුත් සියලුම ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හඳුන්වාදෙන ලදි.

මෙම සුහද හමුවේදී, ජෙනරාල් බිෆින් රාවට් සහ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අතර ද්විපාර්ශවීක වශයෙන් දෙරට හමුදාවන්ට වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයේ නිරතවන ආකාරය පිළිබඳව දැනගැනීමට ඉන්දියානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් උනන්දුවක් දැක්විය. ඒ අනුව, ජාතිය ගොඩනැංවීම කාර්යභාර්ය සඳහා හැකියාවන් පදනම් කරගත් වෘත්තීමය යුද්ධ හමුදාවක් නිර්මාණය කිරීමට ගෝලීය වශයෙන් පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහ විවිධ පුහුණු කේෂේත්‍රවල විශේෂඥ දැනුම පාදක කරගන්නා ආකාරය පැහැදිලි කළහ.

ජාතිය ගොඩනැගිමේ කාර්යභාර්ය සඳහා අවශ්‍ය තරම් ශ්‍රාම බලකායක් ඇති කරන්නේ කෙසේදැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැහැදිලි කරමින් පාබල සේනාංකයන්හි භට පිරිස් පුහුණුව ලැබු ක්ෂේත්‍රයන් පිළිබඳ නොතකා ඉදිකිරීම්, අලුත්වැඩියා, නැවත ගොඩනැගීම් හා යටිතල පහසුකම් සංවර්ධනය යන ක්ෂේත්‍රයන් ඔස්සේ ජාතිය ගොඩනැගිමේ කාර්යභාර්යෙහි නිරතව සිටින අතර නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල අඛණ්ඩව සිදුකරනු ලබන වැව් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව ද උදාහරණ ලෙස පෙන්වාදුන්හ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ජාතිය ගොඩනැගිමේ අභියෝගයට සාර්ථකව භට පිරිස් මුහුණදෙන ආකාරය පිළිබඳ සංචාරක ඉන්දිය යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කළහ. තවද උතුරේ සහ නැගෙනහිර පළාත්වල මෙන්ම වෙනත් ස්ථානවල ද සිවිල් - යුද්ධ හමුදා සහයෝගිතා ව්‍යාපෘතින් රැසක් යුද්ධ හමුදාව ක්‍රියාවට නංවා ඇති අතර ප්‍රදේශයේ සියළුම සිවිල් වැසියන්ගේ ජිවනෝපාය සහ සුභසාධන ප්‍රතිලාභ වැඩිදියුණු කිරිමේ අභිප්‍රායෙන් මෙම ව්‍යාපෘතින් ක්‍රියාවට නංවා ඇති බව තවදුරටත් පැවසීය.

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සාර්ථක ලෙස යොදාගත් විශේෂිත ආකෘතිය පිළිබඳව ද සංචාරක ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් බිෆින් රාව්ට ද සැලකිලිමත් විය. එ් අනුව, වසර 30 කට අධික කාලයක් යුද ගැටුම් පැවති රටේ යටිතල ව්‍යුහය පුනර්ජීවනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 5R සංකල්පය  (පුනරුත්ථාපනය, නැවත ගොඩනැගීම, නැවත පදිංචි කිරීම, ප්‍රතිවාසනය හා සංහිඳියාව) ක්‍රියාත්මක කල ආකාරය පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

මෙම සුහද හමුවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් සඳහා සිදුකරනු ලබන පුහුණු වැඩසටහන් සහ පුහුණුවීම් අවස්ථා තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු විය. මේ වනවිට දෙපාර්ශවය අතර සිදු කෙරෙන පුහුණු වැඩසටහන් අනාගතයේ දී ඵලදායි ලෙස පුළුල් කරන ආකාරය ද මේ වනවිට කලාපය තුල උද්ගතව ඇති ආරක්‍ෂක තර්ජන සහ ඒවාට මුහුණදෙන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කෙරිනි.

මෙම සංචාරය අවසානයේ දෙපාර්ශවය අතර හොඳහිත වර්ධනය කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි.

ඉන් අනතුරුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධානි මාණ්ඩලික මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න විසින් සිදු කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වත්මන් කාර්යභාර්ය හා වගකිම් පිළිබඳ කෙටි සාකච්ඡාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සංචාරක ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී වෙත ආරාධනා කළ අතර, යුද සේවා සහාකර කර්නල් උදය කුමාර ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ තබා ඇති විශේෂ අමුත්තන් සඳහා වු සමරු පොතෙහි සිය සංචාරය සිහිගන්වමින් සමරු සටහනක් තැබීමට ද ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කටයුතු කළ අතර, දෙරටේ යුද්ධ හමුදා ප්‍රධානීන්, සංචාරක නියෝජිතයින් සහ යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් එක්ව සමූහ ඡායාරූපයකට ද පෙනිසිටියහ.

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සිය නිළ සංචාරයේ දී අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධ‍ානී, නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවීමට නියමිත අතර, පසුව දියතලාව යුද්ධ හමුදා විද්‍යාපිඨයේ ද සංචාරය කිරිමට නියමිතය.

යුද්ධ හමුදාධිපතිතුමා සමඟ පැවති මෙම සුහද හමුව සඳහා මේජර් ජෙනරාල් ප්‍රීති සිං (Major General Prithi Singh), බ්‍රිගේඩියර් මුකේෂ් අග්රවාල් (Brigadier Mukesh Aggarwal) සහ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් අශෝක් රාඕ (Captain Ashok Rao) ද එක්ව සිටියහ.

best Running shoes | jordan Release Dates