Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th May 2018 11:08:16 Hours

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඉන්දීය සාමසාධක හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති තුමන්ගේ ආරාධනයකට අනුව සත්දින (මැයි මස 13 සිට 18 දක්වා) නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) ඉන්දීය සාමසාධක හමුදාවේ දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් ඉදිකර ඇති බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත අද (14) දින උදෑසන පුෂ්පෝපහාර දැක්වීය.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් එහි සපැමිණි ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් පිළිගෙන විශේෂ පීඨීකාව වෙත රැගෙන යන අතරතුර ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා චාරිත්‍ර ආරම්භ කිරීම සඳහා සූදානම්ව සිටියහ.

අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සෙබලුන්ගේ ගෞරව මධ්‍යයේ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ සටන්වලදි ශ්‍රී ලංකාවේ දී ජීවිත පරිත්‍යාග කළ ඉන්දීය රණවිරුවන් සිහිකරමින් ජෙනරාල් බිෆින් රාවට් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදි.

හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන හමුදා තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

මෙම උත්සවය සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් ද සහභාගි වූහ.

jordan release date | Jordan Shoes Sale UK