Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th May 2018 11:15:21 Hours

ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදාධිපති හමුවේ

ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරය අතරතුර සඳුදා (14) දින ශ්‍රි ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදාධිපතිතුමන් කොළඹ පිහිටි නිල කාර්යාලයන්හිදි හමුවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිමෙන් අනතුරුව සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදා මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදි සම්ප්‍රදායානුකුල සම්මාන ආචාර පෙළපාලියක් ද එතුමන් වෙත පිරිනමනු ලැබීය. අනතුරුව නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමේවන් රණසිංහ සහ සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විණි.

මීට අමතරව, සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ආරක්‍ෂක මාණ්ඩලික නිලධාරි කාර්යාලයේ දී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණවර්ධන විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව පැවැති සුහද හමුවේ දී දෙපාර්ශවය අතර අන්නෝන්‍ය වශයෙන් වැදගත් වන ආරක්‍ෂක සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කළහ. මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

Sports brands | Jordan Ανδρικά • Summer SALE έως -50%