Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th May 2018 21:44:41 Hours

බංගලාදේශ අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගි වන රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් පස්දෙනෙකු යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් (SNCOs) අතර පවත්නා සෘජූ සේවා සම්බන්ධතාවයන්හි සුවිශේෂි ප්‍රගතියක් අත්කර ගැනීමේ අරමුණින් සෙනසුරාදා (05) දින සිට බංගලාදේශයේ දින පහක අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගිවන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් පස්දෙනෙකු බංගලාදේශය බලා පිටත්ව ගියහ.

නව සංකල්පීය ප්‍රවේශයක් එක්කරමින් ආරක්‍ෂක අමාත්‍යංශයේ ආශීර්වාදය ඇතිව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උදාර සංකල්පයකට අනුව හමුදාවේ සියළුම අංශයන්හි දැනුම හුවමාරු කරගැනීමේ හා ප්‍රවර්ධනය කරගැනිමේ අරමුණින් බංගලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මෙම හමුව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මහත් ඕනෑකමකින් යුක්තව ක්‍රියාවට නංවන ලද යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මෙම විදේශීය සංචාරක ව්‍යාපෘතිය මඟින් දකුණු ආසියානු කලාපීය රටවල් අතුරින් ඉන්දියාව, පකිස්තානය, නේපාලය, මාලදිවයින සහ බංගලාදේශය වැනි මිත්‍ර හමුදාවන්හි අත්දැකිම් සහ දැනුම හුවමාරු කරගැනිමට යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් හට හැකියාවක් ලැබෙනු ඇත.

ලුතිනන් ජෙනරාල් සේනානායක විසින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ දායකත්වය සැලකිල්ට ගනිමින් ඔවුන්ගේ හැකියාවන් පදනම් කරගත් වෘත්තීමය යුද්ධ හමුදාවක් නිර්මාණය කිරීමට මෙන්ම කොමිෂන් නොලත් නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් යුතුව විදේශ හමුදාවන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳ අත්දැකිම් ලබාගැනීමට සහ එතුලින් කලාපීය යුද්ධ හමුදාවන් සමඟ ද්විපාර්ශවික සබඳතාවයන් පුළුල් කර ගැනීමේ අභිප්‍රාය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධි විදාන සලසනු ලැබීය.

මෙවර පැවැත් වූ කපිතන් නිලයේ සිට මේජර් නිලය දක්වා නිල උසස් කිරිමේ විභාගයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් කපිතන් ඩි.ටි.ආර් දන්තනාරායන පුමුඛ බලලත් නිලධාරී I ජේ.ඒ සමින්ද (ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය), බලලත් නිලධාරී I ඊ.පි සිසිර කුමාර (ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව), බලලත් නිලධාරී I ඩබ්ලිව්.එම්. විජේරත්න (කමාන්ඩෝ රෙජිමේන්තුව), බලලත් නිලධාරී I එස්.ජේ.එම්.කේ සෙනෙවිරත්න (ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය) සහ බලලත් නිලධාරී I කේ.ඩි.එස් කරුණාරත්න (ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව) යන නිලධාරි සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් කණ්ඩායම සිකුරාදා (04) දින රාත්‍රියේ දිවයිනෙන් පිටත්වයාමට ප්‍රථම මෙම ව්‍යාපෘතියේ නියමුවානන් වන යුද්ධ හමුදාධිපතිතුමන්ව හමුදාධිපති කාර්යාලයේ දී හමුවිය. යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් පිරිස බංගලාදේශ සංචාරයේ දී නිදහස් පාබල බලසේනා මූලස්ථාන 46 ක බංගලාදේශ යුද්ධ හමුදාවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ අනෙකුත් සැරයන් මේජර්වරුන් සමඟින් අන්තර් ක්‍රියාකාරි සැසිවාරයන් සඳහා සහභාගිවීමට නියමිතය. තවද කොමිෂන් නොලත් නිලධාරි විද්‍යාපීඨයේ සහ බොග්‍රා යුද්ධ හමුදා ජනපදයේ (Bogra Cantonment) සංචාරය කිරීමට නියමිත අතර තවත් සැසිවාරයන් කිහිපයක් සඳහා ද සහභාගිවීමට මෙම සංචාරය තුල දී සැලසුම් කර ඇත.

යුද්ධ හමුදාධිපතිතුමා මෙම හමුවේ දී බංග්ලාදේශය බලා පිටත්ව යන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙත එම සංචාරය තුලින් ගතහැකි උපරිම ප්‍රයෝජන ලබාගනිමින් අපේක්ෂිත පරිදි දැනුම වර්ධනය කරගනිමින් නැවත ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු එමඟින් ලබාගන්නාවූ නව දැනුම සහ අත්දැකිම් තම වෘත්තීමය රාජකාරින් සඳහා ඵලදායි අන්දමින් උපයෝගී කර ගැනීමට කටයුතු කරන ලෙස එම පිරිස දැනුවත් කරන ලදි.

best Running shoes | THE SNEAKER BULLETIN