Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th May 2018 15:01:47 Hours

නවතමයෙන් ඉදිකල නිලධාරි නිවස්නය කමාන්ඩෝ රෙජිමේන්තුවට නව එළියක් එක් කරයි

ගණේමූල්ල ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ කලාත්මකව ඉදිකරන ලද නව නිලධාරි නිවස්නය විවෘත කිරීමේ උත්සවය සිකුරාදා (04) දින පැවැති අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සුභ මොහොතින් සමරුඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව පීත්ත පටිය කපා නව ගොඩනැගිලි සංකීර්ණය සහ නිලධාරි නිවස්නය විවෘත කරනු ලැබීය.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු පිරිස නිලධාරීන් සඳහා සපයා ඇති පහසුකම් පිළිබඳ සොයා බලමින් නවතමයෙන් ඉදිකල නිලධාරි නිවස්නයේ කාමර කිහිපයක්, ආලින්දය සහ අමුත්තන් සඳහා වෙන් කල ප්‍රදේශය නිරීක්ෂණය කළහ.

මෙම උත්සවය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැමිණිම සහ නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ලබාදුන් දායකත්වය අගය කරමින්, කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා විසින් සංකේතාත්මක සමරු තිළිණයක් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමනු ලැබීය.

අනතුරුව, නව නිලධාරි නිවස්නය විවෘත කිරීම සහ මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සංකේතාත්මකව විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි සමරු සටහනක් ද තැබීය.

මෙම උත්සවය අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබලුන්ගේ සුභසාධනය වෙනුවෙන් මූල්‍යමය වවුචරයක් ද රෙජිමේන්තු අධිපතිතුමන් වෙත පිරිනමනු ලැබීය.

මෙම ව්‍යාපෘති යුද්ධ හමුදා මූලස්ථානය, කමාන්ඩෝ රෙජිමේන්තුව සහ අනෙකුත් අනුග්‍රහකයින්ගේ දායකත්වය ඇතිව 2015 වර්ෂයේ ආරම්භ කරන ලද අතර ඉදිකිරීම් කටයුතු 2018 වර්ෂයේ දී නිමකරන ලදි.

මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි චන්ද්‍රිකා සේනානායක මැතිණිය ද සහභාගි විය.

trace affiliate link | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival