Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2018 14:45:15 Hours

2020 ඔලිම්පික් ඉලක්කය සපුරාගැනීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයා දිරීමත් කරයි

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ දී ජයග්‍රහණය ලැබු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක කෝප්‍රල් ඉෂාන් බණ්ඩාර බදාදා (02) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එහිදි ඔහුගේ අනාගත අභිප්‍රායන් මූදුන්පත් කරගැනීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවට යුද්ධ හමුදාධිපතිතුමන් සහතික විය.

ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් හිදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ජයග්‍රහණය ලැබු ඉංජිනේරු සේවා බලකායේ කෝප්‍රල් ඉෂාන් බණ්ඩාර දිවයිනට පැමිණ දින කිහිපයකට පසු සැරයන් නිලයට උසස් කරනු ලැබීය.

මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක සැරයන් බණ්ඩාර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2018 දී ලෝකඩ පදක්කම හිමි කරගැනීමට ප්‍රථම, ගෙවීගිය වසර තුනේදීම ජාතික ශුරතාවය දිනාගැනීමට සමත් වූ අතර දකුණු ආසියානු මළල ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් ද දිනාගැනීමට සමත් විය.

මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සැරයන් බණ්ඩාර හට 2020 ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගිවීමට අවශ්‍ය සියළුම පහසුකම් ලබාදෙන බවත් අවශ්‍ය නම් විදේශගත පුහුණුව වූවද ලබාදීමට හැකියාව ඇති බව වැඩිදුරටත් පැවසුහ.

එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක සැරයන් බණ්ඩාර වෙත සුභ පැතුම් එක් කල අතර ඔහුගේ ජාත්‍යන්තර ජයග්‍රහණ සැලකිල්ලට ගෙන නිවසට අවශ්‍ය ගෘහ උපකරණ තොගයක් ද ප්‍රදානය කළහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූෂ්ටි ප්‍රහාරක කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ පූර්ණ ආශිර්වාදය ඇතිව 2010 වසරේ සිට මේ දක්වා යුද්ධ හමුදාව ඔහුගේ පුහුණුවීම් කටයුතු සඳහා රුපියල් මිලියන 3 ක පමණ මුදලක් වැය කරමින් උස්බෙකිස්තානය, නෙදර්ලන්තය, යුක්රේනය, කසකස්තානය, පෝලන්තය සහ පින්ලන්තය යන රටවල පුහුණු කටයුතු සඳහා යොමු කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක පුහුණුකරු බළලත් නිලධාරි I සම්පත් ජයතිලක විසින් සැරයන් බණ්ඩාර හට ජාත්‍යන්තර මට්ටමේ තරඟ සඳහා සහභාගිවීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය පවත්වාගැනීමට සුදුසු අයුරින් මනා පුහුණුවක සහ පෝෂදායි ආහාර ලබාදෙන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදෙමින් ජාත්‍යන්තර තරඟාවලියක දී මූෂ්ටි ප්‍රහාරක ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට සමත් වූ පළමු වතාව ද මෙය වේ.

මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සැරයන් ජේ.ඒ.සී. ලක්මාල් හට එම ස්ථානයට ළඟාවීමට උනන්දු කරවූ ඔහුගේ පුහුණුකරු බළලත් නිලධාරි I සම්පත් ජයතිලක හටද සිය කෘතඥතාවය පුද කළහ.

යුද්ධ හමුදා මුලස්ථානයේ පැවැති මෙම සුහද හමුව සඳහා යුද්ධ හමුදා මූෂ්ටි ප්‍රහාරක කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් රත්නායක සහ පුහුණුකරු බළලත් නිලධාරි I සම්පත් ජයතිලක එක්ව සිටියහ.

affiliate link trace | Nike Shoes, Sneakers & Accessories