Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st May 2018 23:42:10 Hours

යුද්ධ හමුදාවේ සහයෝගය ඇතිව ‘තිරසාර සංවර්ධනය’ පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ අධීක්‍ෂණය යටතේ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය, උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය, යුද්ධ හමුදා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලය, ඉංජිනේරු සේවා බලකාය සහ අනෙකුත් සහායක අංශයන්හි භට පිරිස් එක්ව ‘පරිසර හිතකාමී තිරසාර සංවර්ධනය සඳහා ලෝක බෞද්ධයන්ගේ සාමූහිකත්වය’ යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් අඟහරුවාදා (01) දින සන්ධ්‍යාවේ බොරැල්ල, රාජගිරිය ශ්‍රී සදහම් සෙවණ පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

මෙම ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ සෞඛ්‍ය, පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමන් සහභාගි වූ අතර රටවල් 20 කට අධික විදේශිය බෞද්ධ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් එම සැසිය පැවැත්විණි.

‘පිවිතුරු හෙටක්’ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ විසින් යුද්ධ හමුදාධිපති තුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙම ව්‍යාපෘතිය සඳහා භූමි සැකසුම, අලුත්වැඩියා කටයුතු, සැරසිලි, යටිතල පහසුකම් සහ සියළු අවශ්‍යතා සැපයු අතර ‘සදහම් සෙවණ’ සංවිධායකයින්ගේ සහයෝගය ඇතිව අනෙකුත් ආයතන සමඟ සමීප සම්බන්ධතාවයෙන් මෙම සැසිය සංවිධානය කරනු ලැබීය.

ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන කිහිපයක්, චීන - ශ්‍රී ලංකා බෞද්ධ සංගමය, ‘සදහම් සෙවණ’ පදනම මෙන්ම විදේශිය නියෝජිතයින් සහ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සම්මන්ත්‍රණය කොළඹ දී දින හතරක් පුරාවට පැවැත්වීමට නියමිතය.

මෙම සැසිවාරය ආරම්භයේ දී සහභාගිවන සියළුම බැතිමතුන්ට ‘පරිසර හිතකාමී තිරසාර සංවර්ධනය සඳහා ලෝක බෞද්ධයන්ගේ සාමූහිකත්වය’ යන උත්තරීතර තේමාවට පක්ෂපාතීව විශේෂ පොරොන්දුවක් ලබාදීමට ක්‍රියාකිරීමට අතිගරු ජනාධිපතිතුමන් දැනුම්දෙන ලදි.

මෙම සම්මන්ත්‍රණය සඳහා ආරාධිතයින් ලෙස සහභාගිවීමට නියමිත නියෝජිතයින් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් වෙන වෙන් වශයෙන් සාකච්ඡා පවත්නු ලැබීය.

සිකුරාදා (04) දින අවසන්වීමට නියමිත මෙම සම්මන්ත්‍රණය අවසානයේ සහභාගිවන සියළුම බැතිමතුන් අදාළ තේමාවට අනුව සාමූහික අරමුණකට එළඹෙනු ඇතැයි විශ්වාස කෙරේ.

යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බිමල් විදානගේ ගේ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් කාර්යාලයේ භට පිරිස් මෙම සම්මන්ත්‍රණයේ සියලු කටයුතු විධිමත් කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළහ.

යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික සංදර්ශන හා කලාත්මක අංගයන්ගෙන් මෙම සම්මන්ත්‍රණය වර්ණවත් විය.

සංවිධායකයින්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා භට පිරිස් නව සනීපාරක්ෂක සංකීර්ණයක් සහ එම පරිශ්‍රය වටා වැටක් ද ඉදිකිරීම සඳහා දායක විය.

තවද, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පවත්වාගෙන යනු ලබන වස විස වලින් තොර කෘෂි බෝග වගාවක ආදර්ශ ගොවිපළක් ද මෙහිදි ප්‍රදර්ශනය කරනු ලැබීය.

Sports brands | Air Jordan