Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2018 16:45:18 Hours

622 වන බල‍සේනාවේ භට පිරිස් වැලිඔය ප්‍රදේශවාසින් හා එක්ව නව අවුරුදු සමරයි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 622 වන බලසේනාවේ භට පිරිස් විසින් හැලඹවැව, සිංහපුර, ජනකපුර, නෙළුම්වැව සහ කිරිඉබ්බන්වැව ගම්වාසින් වෙනුවෙන් සංවිධානය කරන ලද ‘බක් මහ උළෙල’ අඟහරුවාදා (10) දින වැලිඔය, හැලඹවැව පිහිටි 622 වන බලසේනා මුලස්ථාන ක්‍රීඩාපිටියේදි පවත්වන ලදී.

සිනර්ජි ටෙක්නෝලොජි (Synergy Technology) ආයතනයේ සභාපති ක්‍රිශාන්ත ප්‍රසන්න මහතා විසින් අනුග්‍රාහකත්වය දක්වන ලද මෙම ‘බක් මහ උළෙල’, 622 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සාලිය අමුණුගම, 9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් මංජුල ද සිල්වා සහ 27 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් බුද්ධික ජයසුරිය යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් පරිදි එම රෙජිමේන්තු භට පිරිස් විසින් සංවිධානය කරන ලදී.

622 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ආරාධනාවකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනිගසිංහ සහභාගි වු අතර 62 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ 500 කට අධික ගම්වාසින් පිරිසක් ද මෙම ‘බක් මහ උළෙල’ සඳහා එක්ව සිටියහ.

Best Authentic Sneakers | Gifts for Runners