Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th April 2018 16:20:15 Hours

සිංහ රෙජිමේන්තු සුරතලා ‘කූගර්’ සිය පළමු උපන් දිනය සමරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මංගල වස්තුව වන ‘කූගර්’ සිංහ පැටවාගේ පළමු උපන් දිනය සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවල ඇතුළු සිංහ රෙජිමේන්තු නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය සිකුරාදා (අප්‍රේල් මස 6) දින සමරන ලදි.

සාමාන්‍ය දින චාර්යාවට අනුව ස්නානය හා උදෑසන ආහාර අනුභවයෙන් පසු විශේෂ කුටියක් තුලට පැමිණි ‘කූගර්’ සිංහ පැටවා වෙනුවෙන් අයිසිං සිනි සහ පාන් පිටි වෙනුවට මස් කැබලිවලින් සකසන ලද අඩි 2 ක් පමණ උසැති උපන් දින කේක් ආකෘතියක් සිංහ රෙජිමේන්තු සියළු නිලයින්ගේ දායකත්වයෙන් ඉතා අලංකාරවත් ලෙස සකසන ලදී.

අනතුරුව එම ස්ථානය වෙත සපැමිණි සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් නිලධාරින් සහ සෙසුනිලයින්ගේ අත්පොලසන් හඩ මධ්‍යයයේ උපන් දින කේක් කපන ලද අතර එය සංකේතවත් කරමින් මස් කැබැල්ලක් සිංහ පැටවා වෙත පිරිනමන ලදි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මිට පෙර තම රෙජිමේන්තු මංගල වස්තුව වශයෙන් සිංහ පැටව් දෙදෙනෙකු රැකබලා ගෙන ඇති අතර සිංහ පැටවුන් රැකබලා ගැනිම පිළිබඳව සිංහ රෙජිමේන්තුව හට අත්දැකිම් ඇති බැවින් වනජිවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත මිට මාස කිහිපයකට පෙර දෙහිවල සත්වෝද්‍යානයේ පැවති උත්සවයකදී තිරසර සංවර්ධන හා වනජිවි නියෝජ්‍ය ආමාත්‍ය සුමේධා ජි. ජයසේන මහත්මිය විසින් තෙවනවරටත් මංගල වස්තුව වශයෙන් මෙම සිංහ පැටවා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ප්‍රධානය කරන ලදී.

දුර්ලභ අප්‍රිකානු විශේෂයකට අයත් 'කූගර්', හම්බන්තොට ප්‍රදේශයේ වනාන්තරයක උපත ලබා ඇති අතර, එම සත්වයාගේ ජීව විද්‍යාත්මක වර්ධනය සහ රැක බලා ගැනිම සඳහා දෙහිවල සත්වෝද්‍යානය වෙත ලබා දී තිබුණි.

මෙම උපන් දින සැමරුම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ගේ උපදෙස් පරිදි සිදුකරන ලදී.

අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දැනට ජීවත්වන දෙවන මංගල වස්තුව වන සිංහ සුරතලා වසර 15 කට වඩා වැඩි ආයු කාලයක් ගෙවා ඇති අතර, සත්වෝද්‍යානයේ අවසරය මත පශු වෛද්‍යවරුන්ගේ හා වනජිවි විශේෂඥයින්ගේ අධික්‍ෂණය මත මෙම ‘කූගර්’ සිංහ පැටවා රැක බලා ගැනිම සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ලබා දී ඇත.

latest Nike release | Ανδρικά Nike