Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th April 2018 16:43:53 Hours

දියතලාවේ දී 7 ශ්‍රී ලංකා සංඥා බලකාය අලුත් අවුරුදු සමරයි

7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් නන්දන වීරතුංග ගේ උපදෙස් මත සඳුදා (09) දින මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය.

සම්ප්‍රදායානුකූල ජන ක්‍රීඩා රැසකින් සමන්විත මෙම අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ අණදෙන නිලධාරි - කෙඩෙට් නිලධාරින් පුහුණු කිරීමේ අංශය කර්නල් ඒ.පී. වික්‍රමසේකර සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා නිලධාරින්, සෙසුනිලයින් සහ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි තුමන් සහ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් විවිධ වූ තරඟ සඳහා සහභාගිවි ජයග්‍රහණය කල සාමාජික සාමාජිකාවන් වෙත ත්‍යාග බෙදාදෙනු ලැබීය.

මෙම උත්සවය සාර්ථක කරගැනීම සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සිය පූර්ණ සහයෝග ලබාදුන්හ.

Sports News | Asics Onitsuka Tiger