Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th April 2018 15:47:42 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවාන්විත ඉදිරි ගමනට ආරක්ෂක ලේකම්තුමන්ගේ පූර්ණ සහයෝගය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ත්‍රස්තවාදය මුළුනුපුටා දැමීමෙන් ලද යුධ අත්දැකීම තුලින් ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා එක්සත් ජාතින් සමඟ එක්ව සාමසාධක රාජකාරින් සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුවීශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ 03 හිදී යුද්ධ හමුදා විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය (DOO) ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

මෙහිදි ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සියළුදෙනා අමතමින්, “මානව හිමිකම් කොමිසම් සභාව හරහා එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතු සඳහා අවශ්‍ය යැයි සැලකෙන ඕනෑම ‘නිර්දේශයක්’ හෝ වෙනත් ‘පරීක්ෂන’ ක්‍රියාවලියකට පෙනීසිටිමට යුද්ධ හමුදාවට කිසිදු අපහසුතාවක් නොපවතින බව” ප්‍රකාශ කරන ලදී. 

තවද “අපගේ යුද්ධ හමුදාව සඳහා අවශ්‍ය වන්නේ කුමක්දැයි අප කවුරුත් නොසලකා නීතියේ ආධිපත්‍යය විශ්වාස කරන බැවින් කිසිදු වරදක් හෝ උල්ලංඝනය කිරීමකින් තොරව අප විදේශගතවීමට අවශ්‍ය අවස්ථාවකදි වූවද තානාපති කාර්යාලවල පිරික්සීමේ ක්‍රියාවලියක් පවතින අතර මෙම ක්‍රියාවලිය මගින් කාලය අපතේ යන බව අපි දනිමු. මෙම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අතුරු යාන්ත්‍රාණයක් සොයාගත යුතුය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ගෞරවනීය හා විශ්වාසනීය සංවිධානයක් ලෙස ලෝකයේ බොහෝ දේ පිළිබඳ අවධානය යොමුකර ඇත. එබැවින් මෙම නව අධ්‍යක්ෂක මණ්ඩලය ස්ථාපිත කිරීම තුලින් මානව හිමිකම් ක්ෂේත්‍රයේ පැනනැගී ඇති සියලු අභියෝගයන් සහ ගැටළු විසදාගැනීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කාර්යබහුල කාර්යක් නොවන බවද” මෙහිදි පෙන්වාදුණි.

විනිවිද පෙනෙන ක්‍රියාපිලිවෙතකට අනුව විශ්වාසනීයවන පරිදි සියලුදෙනාට අපක්ෂපාතිව නීත්‍යානුකූල ක්‍රමවේදයකට අනුව අනාගතයේ සාමසාධක රාජකාරි සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් යෙදවීමට බලාපොරෝත්තු වේ.

අසමසම අත්දැකීම් රාශීයකින් ලොව සමඟ බෙදාගැනීමට යුද්ධ හමුදාව දරන්නා වූ ප්‍රායත්නයේ දී හැකි සෑම අයුරකින්ම අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය මධ්‍යයේ ඔබ සැමට සෑම අයුරකින්ම සිය සහයෝගය ලබාදෙන බවට ආරක්ෂක ලේකම්වරයා එහිදි තවදුරටත් ප්‍රකාශ කරන ලදී.  

විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා විසින් සහභාගි වූවන් උණුසුම් අයුරින් පිළිගත් අතර වර්ෂ 1960 සිට මේ දක්වා කාලය තුල එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් යෙදවීම පිළිබඳ කෙටි ඉදිරිපත් කිරීමක් ද මෙහිදි සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානි ක්ලෙයාර් මීට්රෝඩ් මහත්මිය (Ms Claire Meytraud), ඇමරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලයේ නියෝජිතයෙකු, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාසේකර, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ විශේෂ ආරාධිතයින් රැසක් සහභාගි විය.

latest jordans | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD