Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2018 15:15:40 Hours

ත්‍රිකුණාමලයේ දී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය අලුත් අවුරුදු සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව උදාවන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව ඉරිදා (08) දින ත්‍රිකුණාමලය ඔර්ස් හිල් (Orr’s Hill) ක්‍රීඩාංගනයේ දී සම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩා රැසකට මූල්තැනදෙමින් අලුත් අවුරුදු උත්සවයක් සමරනු ලැබීය.

මෙම අලුත් අවුරුදු උත්සවය එම පළාත තුල පැවැත්වූ ප්‍රධාන උත්සවයක් ලෙස 22 වන සේනාංක මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබීය.

‘සුර්ය මංගල්‍ය - ‘2018’ හී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහභාගි වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජාතික ධජය එසවීමෙන් පසු අලුත් අවුරුදු උත්සව කටයුතු ආරම්භ විය. තවද මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් ඇතුළු සිංහල, දමිළ හා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් සිවිල් වැසියන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

පොල්අතු විවීම, බනිස් කෑම, කොට්ටපොර තරඟ, රබන් ගැසීම, ලිස්සන ගහේ නැගීම, අලියට ඇස තැබීම, සෙමින් බයිසිකල් පැදීම, කඹ ඇඳිම, විකට ඇඳුම් තරඟ මෙන්ම අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟයන් ඇතුළු සම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩා රැසකින් මෙම අලුත් අවුරුදු උත්සවය වර්ණවත් විය.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, 221 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමිත් ප්‍රේමලාල්, 222 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දීපාල් පුස්සෑල්ල සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු මෙම අලුත් අවුරුදු උත්සවයේ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග හා කුසලාන පිරිනැමීමේ අවස්ථාව සඳහා එක්ව සිටියහ. මෙම අලුත් අවුරුදු උත්සවය අවසානයේ ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

buy footwear | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger