Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2018 15:44:24 Hours

සියළු අභියෝගයන් ජයගැනීමට යුද්ධ හමුදාවට නව විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයක්

යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව සාමසාධක රාජකාරි විධිමත් කිරීමේ අරමුණින් බ්‍රහස්පතින්දා (12) දින ‘සාම මැදුර’ විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය කොළඹ 03, පැරණි ඕලන්ද ගොඩනැගිල්ල හිදී විවෘත කරන ලදී.

විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා විසින් මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමාගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, එක්සත් ජාතින්ගේ සාමසධක රාජකාරින් සඳහා ස්ථාපිත නව අධ්‍යක්ෂක මණ්ඩලයේ සමරු ඵලකය නිරාවරණය කිරීමේන් අනතුරුව සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම සිදුකරන ලදී.

මෙහිදි මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා විසින් විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යාභාරය විස්තර කරනු ලැබු අතර, යුද්ධ හමුදාවේ කීර්තිමත් අධ්‍යක්ෂක මණ්ඩලයක් වශයෙන් අනාගතයේ දී රාජකාරි කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුරටත් සඳහන් කරන ලදී.

නවතමයෙන් පිහිටුවන ලද විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ නිර්මාතෘ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙහිදි මාධ්‍යවේදින් වෙත අදහස් දක්වනු ලැබීය.

“මෙම නව අධ්‍යක්ෂක මණ්ඩලය මෙහෙයුම් අංශයක්, මානව හිමිකම් අංශයක්, පුහුණු අංශයක් සහ භඨ කාර්ය සම්පාදන අංශයන් ආදී අංශ කිහිපයකින් සමන්විත වන අතර, මෙමගින් එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි විධිමත්ව හා ක්‍රමනුකූලව නුතන ලෝකයේ කලාපීය සාමසාධක රාජකාරි සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සුදුසුවන පරිදි නිර්මාණය කර වී ඇත. භට පිරිස්හි විනයානුකූලභාවය මෙන්ම කුසලතාවයන්ගෙන් පරිපුර්ණ අනාගත ලෝකයේ අභියෝග ජයගැනීම සඳහා නිත්‍යානුකූල වශයෙන් ක්‍රියාත්මකවීමේ හැකියාවෙන් යුක්තව සාමසාධක රාජකාරින් සඳහා දායකත්වය ලබාදීමට ස්ථාපනය වූ ආයතනයක් ලෙස මෙය හඳුන්වාදිය හැක. ජාත්‍යන්තර සාමසාධක හමුදාවන්හි අවශ්‍යතාවන්ට සරිලන පරිදි අත්දැකම් හා කුලසලාතවන්ගෙන් පරිපුර්ණ යුද්ධ හමුදාව සාමසාධක රාජකාරි සඳහා යෙදවීම තවදුරටත් මින් අපේක්ෂා කෙරේ”.

එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා පිටත්ව යාමට පෙර මානව හිමිකම් කොමිෂන් සභාව හරහා එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතු සඳහා අවශ්‍ය නිර්දේශ යුද්ධ හමුදාව ලබාගැනීමේන් අනතුරුව තෝරාගත් භට පිරිස් සාමසාධක රාජකාරි සඳහා යෙදවීමට ක්‍රියාකරනු ලබයි. නිරන්තරයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව හා සම්බන්ධයෙන් මෙම කටයුතු පවත්වාගෙන යනු ලබන අතර, විදේශ මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය ස්ථාපනය කිරීම තුලින් මෙම කටයුතු විධිමත්ව ඉටුකරගැනීමට ඉඩ සසර සැලසා ඇත.

යුද්ධ හමුදාවේ ඇති හැකියාවන්ට අනුව පාබල හමුදා, ඉංජිනේරු, බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු, යුධ උපකරණ භාවිතය ආදී ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් සාමසාධක රාජකාරින් සඳහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය ලබාදීමට හැකිවන අතර, එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා කාන්තා සෙබළියන් යොදාගන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් මෙහිදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් යුද්ධ හමුදාධිපතිතුමන් පවසා සිටියහ. තවද “බංගලාදේශ යුද්ධ හමුදාවේ කාන්තා බලකායක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාන්තා බලකාය පිහිටුවා ඇති ආකාරයට අනුව නුඳුරේදී පිහිටුවිමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ කාන්තා සෙබළියන්ගේ දායකත්වය සාමසාධක රාජකාරින් සඳහා තවදුරටත් ලබාදීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලසුම් කරමින් සිටින බවත් වර්ෂ 1979 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය පිහිටුවීමෙන් අනතුරුව දේශයේ ආරක්ෂාව වෙනුවෙන් කාන්තා සෙබළියන් 25 දෙනෙකු රට වෙනුවෙන් දිවිපිදු බව” ද යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි වැඩිදුරටත් පැවසීය.

ඩයස්පෝරාව ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා විරෝධි කණ්ඩායම් සහ ඇතැම් ජාත්‍යන්තර සංවිධාන ඇතැම් ක්‍රියා කලාපයන් තුළින් සාවද්‍ය තොරතුරු සහ අසත්‍ය ප්‍රකාශ පතුරවමින් සිටින හෙයින් මානව හිමිකම් කොමිෂන් සභාවේ ක්‍රියාදාමයන්ට අනුව සාමසාධක රාජකාරි සඳහා විධිමත් ක්‍රමවේදයක් ස්ථාපනය කරගැනීමට හැකිවන බව මෙහිදි තවදුරටත් ප්‍රකාශ කෙරිණි. තවද එම රාජකාරි වලදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින් ඉතා නම්‍යශීලිව අභියෝගයන් ජයගනීමින් සාමසාධක රාජකාරිවල නියලෙන අයුරු දැකිය හැක. එහෙයින් දක්ෂතාවලින් පිරිපුන් භට පිරිස් සම්පාදනය කරනු ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජාතින් විසින් හඳුනාගෙන ඇතැයි” තවදුරටත් කරුණු දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කරන ලදි.

මාධ්‍ය සාකච්ඡාවේ නිරාවරණය වූ කරුණු වලට අනුව මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ;

මෙම ජාතික කාර්යභාරයේ දී ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයින්ගේ විනය ඉහළ මට්මකින් පවත්වාගෙන යමින් කැපවීමෙන් එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි ඉටුකිරීම තුලින් ශ්‍රී ලංකාවෙන් පිටත්කර යවන භට පිරිස් ප්‍රමාණය වැඩිකරගැනීමට ඇති අවස්ථාව මෙහිදි පැහැදිලි කරන ලදි.v

වර්තමානයේ දී එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා භට පිරිස් යොදවනු ලබන ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. ඒ තුලින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් ජාත්‍යන්තර වශයෙන් රටවල් සමඟ එක්ව උපරිම සේවාවක් ඉටුකිරීම සඳහා ද්වීපාර්ශවීක වශයෙන් වැදගත් කාර්යභාරයක් එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා රාජතාන්ත්‍රාක වශයෙන් ඉටුකිරීමට අපේක්ෂා කරයි.

මෙම ජාතික ක්‍රියාවලිය තුලින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනය නිතිරිති පිළිබඳ ප්‍රමිතීය ඉහළ නැංවිමට උපකාරි වන බව තරයේ විශ්වාස කරන්නෙමු. එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් පුද්ගලයින් තම රට තුලදී මෙන්ම විදේශගතව සිටින විට ද විනය හා හැසිරීම ඉහල ප්‍රමිතීයකින් පවත්වාගෙනයාම සඳහා ඔවුන් සේවය කරන ස්ථානයේ විශ්වාසය දිනාගැනීම සහතික කිරීම අපගේ පරමාර්ථයයි.

තවද ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සාමසාධක රාජකාරින් සඳහා වූ නිතිරිති වලට අනුගතවෙමින් ශ්‍රී ලංකාවේ උරුමයන් ආරක්ෂා කරමින් රාජකාරිවල නිරතවීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සැදිපැහැදි සිටියි.

වර්ෂ 1960 සිට මේ දක්වා කාලය තුල එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා යුධ නිරීක්ෂකයින්, මාණ්ඩලික නිලධාරින්, සහ මාණ්ඩලික නිලධාරි සහාකාර රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් 18,509 යොදවනු ලැබීය.

ලෝකයේ විවිධ රටවල එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා බළඇණි යොදවා ඇත. ඒ අනුව ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා නිලධාරින් 10 ක් සහ සෙසුනිලයින් 140 ක් (UNIFIL-Force Protection Company), සුඩාන රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා නිලධාරින් 16 ක් සහ සෙසුනිලයින් 50 ක්, දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලේ ( UNMISS - Level 11 Hospital South Sudan) රාජකාරි සඳහා සහ මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා නිලධාරින් 02 ක් සහ සෙසුනිලයින් 13 ක් මාලි රාජ්‍ය ගොඩනැගීම (MINUSMA- Construction Team Mali) සඳහා ද යොදවා ඇත.

තවද බටහිර සහරා ප්‍රදේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක නිරීක්ෂණ රාජකාරින් සඳහා (MINURSO) නිලධාරිනියන් දෙදෙනෙකු ද සමගින් නිලධාරින් 18 ක් යොදවා ඇති අතර කොංගෝ රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා (MONUC), අබ්යෙයි ප්‍රදේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි සඳහා (UNISFA), දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි සඳහා (UNMISS) සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා (MINUSCA) ද ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් යොදවා ඇත. එමෙන්ම, ලෙබනන්, අබ්යෙයි, නිව්යොක්, දකුණු සුඩානය, මධ්‍යම අප්‍රිකාව, මාලි සහ බටහිර සහාරා යන ප්‍රදේශයන් හී එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදාවේ මාණ්ඩලික රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් 26 ක් යොදවා ඇත.

ශ්‍රී ලංකාව වර්ෂ 1955 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යක් වන අතර, ජාත්‍යන්තර සාමසාධක හමුදාවට සිය මෙහෙවර ඉටුකිරීම සඳහා වර්ෂ 1960 දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ සාමසාධක රාජකාරින් සඳහා සාමාජිකයින් හය දෙනෙකු සහ එක්සත් ජාතින්ගේ විශේෂ කමිටුව සඳහා සේවා නිලධාරින් සහ පොලිස් නිලධාරින් දහස්ගණන් යොදවා ඇත. කෙසේ වෙතත්, පවත්නා තත්ත්වය මත එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශාල පිරිසක් පිළිගත් සම්මතයන්ට අනුකුලව යොදවා ඇත.

වර්ෂ 2004 දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සාමසාධක කටයුතු සඳහා ලෝකයම පිළිගත් ආරක්ෂක හමුදාවක් බවට පත්විය. අනතුරුව, පැවති දරුණු ත්‍රස්තවාදය නොතකා මාණ්ඩලික නිලධාරියෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 750 දෙනෙකු හයිටි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා (MINUSTAH) පිටත්කර යවනු ලැබීය.

එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා යුද්ධ හමුදා භට පිරිස් වැඩි සංඛ්‍යාවක් ලබාදෙන රටවල් වලින් එකක් ලෙස වර්තමානයේදී ශ්‍රී ලංකාව සැලකේ. එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා සාමසාධක හමුදා සාමාජිකයින් වූ ලාන්ස් කෝප්‍රල් ජේ.බි.ඒ.ජේ. ජයසිංහ (2005), ලාන්ස් කෝප්‍රල් එච්.එම්. විජේසිංහ (2005) සහ ලාන්ස් කෝප්‍රල් ඒ. ජයන්ත (2007) ඔවුන්ගේ ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම් ඉටුකරමින් සිටියදී දිවි පිදූ අතර, එක්සත් ජාතින්ගේ ඩැග් හැමර්ෂල් පදක්කම ඔවුනට ගෞරවයක් වශයෙන් හිමිගන්වා ඇත.

වර්ෂ 2004 පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා භට පිරිස් යෙදවීමේ ප්‍රගතියක් අත්කරගත් අතර, 2011 වර්ෂයේ දී එක්සත් ජාතින්ගේ සාමසාධක නිරීක්ෂණ රාජකාරින් සඳහා මාණ්ඩලික නිලධාරින් 25 ක් සහ භට පිරිස් 2051 ක් එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් 5 ක් සඳහා යොමු කල අතර, යුද්ධ හමුදා මූලස්ථාන ක්‍රියන්විත අධ්‍යක්ෂක මණ්ඩලය යටතේ ‘යුද්ධ හමුදා එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි සඳහා ඒකකයක්’ පිහිටුවනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක භට පිරිස් එක්සත් ජාතින්ගේ මෙහෙයුම් 07 ක ලොව පුරා වර්තමානයේ රාජකාරි කරනු ලබයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ත්‍රස්තවාදය මුළුනුපුටා දැමීමෙන් ලද යුධ අත්දැකීම තුලින් ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා එක්සත් ජාතින් සමඟ එක්ව සාමසාධක රාජකාරින් සිදුකරනු ලබයි.

“අපගේ දැක්ම වනුයේ සාමසාධක රාජකාරින් සඳහා සේනාංකයක් හෝ ඊට වැඩි භට පිරිස් ප්‍රමාණයක් යොදවා ලෝකයේ ගැටුම් පවතින් කලාපයන්හි තීරසාර සාමය ඇතිකිරීම සඳහා එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් ඉටුකිරීමයි. ඉතා සීඝ්‍රයෙන් වෙනස්වන දේශපාලනික පසුබිමක් තුල මෙවැනි සාමසාධක අධ්‍යක්ෂක මණ්ඩලයක් ස්ථාපිත කිරීම තුලින් අන්තර්ජාතික වශයෙන් සාමසාධක රාජකාරින් විධිමත්ව කිසිදු බාධකයකින් තොරව ඉටුකරගෙන යාමට මෙය මහඟු පිටුවහලක් වන බව” යුද්ධ හමුදාධිපතිතුමා මෙහිදි අවධාරණය කරන ලදි.

කුකුලේඟග පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසල මගින් 2017 වර්ෂය වනවිට යුද්ධ හමුදා සාමාජිකයින් 28,998 දෙනෙකු එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා පුහුණුව ලබා ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 300 ක් ද සමගින් භට පිරිස් 19, 395 දෙනෙකු නුඳුරේදී එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා පිටත්ව යාමට සුදානමින් සිටිති.

ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් වලට ආදර්ශයක් වෙමින් එක්සත් ජාතින් සමඟ ඉතා සුහදව විධිමත්ව කටයුතු කිරිම මින් අපේක්ෂා කෙරේ. එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා භට පිරිස් යෙදවීමේදී ශ්‍රී ලංකා ව්‍යස්ථාවට අනුකුලව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නීති රෙගුලාසි වලට අනුව පාර්ලිමේන්තුව මගින් පිළිගත් නීතිරිතින් වලට අනුගතවන පරිදි ස්වාධීන ජාතික වශයෙන් සැකසුණු ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මින් අපේක්ෂා කෙරේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසම සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියළුම කාර්යයන් සඳහා යොදවන භට පිරිස් පරික්ෂා කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් පිළිබඳව එකඟ වී ඇත. මෙම ජාතික ක්‍රියාවලිය සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය පරික්ෂාවට ලක්කිරීමට 2012 දෙසැම්බර් මස 11 දින අංක 2012/18 මානව හිමිකම් පනතට අනුව සාමාජික සාමාජිකාවන් පරික්ෂාවට ලක්කර එම පුද්ගලයින් පනවා ඇති නීති උල්ලංඝණය කර ඇති නැති බව පිළිබඳ සහතික කරනු ලබයි.

Asics shoes | NIKE HOMME