Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2018 16:14:42 Hours

නව යුධ සේවා ලේකම් රාජකාරි අරඹයි

නව යුධ සේවා ලේකම් ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ බ්‍රහස්පතින්දා (12) දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගනු ලැබීය.

නව යුධ සේවා ලේකම් තුමන් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය කාර්යාලයේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ඉදිරියේ නව ධුරයේ රාජකාරි භාරගනු ලැබීය.

ඉන් අනතුරුව, නව යුධ සේවා ලේකම්තුමන් සිය කාර්යමණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර යුධ සේවා ලේකම් කාර්යාලයේ කාර්යභාර්ය පිළිබඳව අදහස් විමසා සිටිනු ලැබීය.

නව යුධ සේවා ලේකම්තුමන් නව ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරි යන තනතුරු ද හොඹවා ඇත.

හිටපු යුධ සේවා ලේකම් මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර යුද්ධ හමුදා සේවයෙන් සමුගැනීමත් සමඟ එම ධුරය සඳහා මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ පත් කරනු ලැබීය.

මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ, කෑගල්ල විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා වර්ෂ 1985 ජනවාරි මස 18 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත බැඳි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි පාඨමාලා අංක - 20 යටතේ මුලික යුද්ධ හමුදා පුහුණුව හදාරා 1986 මැයි මස 31 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව වසර 32 කට වැඩි යුද්ධ හමුදා ‍සේවාකාලය තුල දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි රාජකාරි කර ඇති අතර තවද එතුමන් ශ්‍රී ලංකා සංඥා බලකායේ මෙන්ම විවිධ මූලස්ථානයන්හි මාණ්ඩලික හා උපදේශක තනතුරු බොහෝමයක් ද හොඹවා ඇත.

නව ධූරයේ රාජකාරි භාරගත් යුධ සේවා ලේකම්තුමන්ට සුභපැතීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්ෂකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ.

Nike air jordan Sneakers | New Jordans – Air Jordan 2021 Release Dates , Gov