Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2018 23:27:19 Hours

හේනානිඟල දී ආදීවාසින් මහත් හරසරින් අලුත් අවුරුද්ද සමරයි

නැගෙනහිර පළාතේ හේනානිඟල ප්‍රදේශයේ දී ‘වන අරණ පදනම’ සහ පාරම්පරික ආදීවාසි සාමාජිකයින් සමඟ එක්ව යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් බදාදා (11) දින සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරනු ලැබීය.

ආදීවාසින්ගේ ප්‍රධානී ඌරුවරිගේ වන්නිල ඇත්තො ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම බක්මහ උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල විසින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් ආරාධිතයින් හේනානිඟල වැව් ඉස්මත්තේ දී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

බෝහෝමයක් ශ්‍රී ලාංකීකයන් නොදන්නා විවිධාකාර වූ අවේණික දේශීය හා සම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩා සහ විනෝදජනක ක්‍රීඩා රැසකින් සමන්විත වූ අවුරුදු උත්සවය දිනය පුරා පැවැති අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආදීවාසින්ගේ ප්‍රධානී විසින් ‘වන අරණ පදනමේ’ නිල වෙබ් අඩවිය විවෘත කරනු ලැබීය. පාරම්පරිකව පැවත එන දේශීය සම්ප්‍රදාය, චාරිත්‍ර හා වාරිත්‍ර, පුරුදු, ආදීවාසින් පිළිබඳ තොරතුරු අනාගත පරම්පරාව වෙනුවෙන් උරුම කරදීමට ‘වන අරණ පදනම’ කැපවීමෙන් යුතුව ක්‍රියා කරමින් සිටියි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපතිතුමන් ආදීවාසි ජනතාවට සිය පූර්ණ සහයෝගය ලබාදෙමින් ආදීවාසින්ගේ ප්‍රධානී ඇතුළු සියලුදෙනා වෙත ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කරනු ලැබීය.

පසුගිය පෙබරවාරි මස 25 දින ගාලු මුවදොර ක්‍රීඩාංගනයේ දී දකුණු ආසියාවේ ප්‍රථම වරට පැවැති 70.3 ශක්තිමත්ම මිනිසා තේරිමේ තරඟාවලිය සඳහා රටවල් 63 ක් නියෝජනය කරමින් විදේශිය ක්‍රීඩකයින් 870 ක් ඇතුළු ක්‍රීඩකයින් 3000 කට අධික පිරිසක් සහභාගී වූ අතර එහිදි 53 වන ස්ථානය හිමිකරගැනීමට ආදීවාසි කමිටුවේ තලාවරිගේ පුංචි බංඩා සමත්විය.

යුද්ධ හමුදාපතිතුමා විසින් පුංචි බංඩා දැක්වු දක්ෂතාවයන් ඇගයුමට ලක් කල අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ ත්‍යාගයක් ද ප්‍රධාන කරන ලදී. තවද එම ක්‍රීඩකයා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත බඳවාගෙන උසස් මට්ටමකට පුහුණු කිරීමට ද යුද්ධ හමුදාධිපතිතුමන් පියවර ගන්නා ලදී.

හේනානිඟල වැව් ඉස්මත්තේ පැවැති මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා ආදීවාසි ප්‍රජාවේ විශාල පිරිසක් ඔවුන්ගේ සම්ප්‍රදායික ඇඳුමින් සැරසි දුණු හා ඊතල ආදීය ද සහිතව පැමිණ සිටියහ.‍

මෙම උත්සවයේ මාධ්‍ය ආවරණ කටයුතු රුපවාහිනි සංස්ථාව විසින් සිදු කරන ලදි.

Running sports | Nike Shoes