Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2018 09:45:26 Hours

යුද්ධ හමුදා මුලස්ථාන නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් යුද්ධ හමුදා මුලස්ථානයේ බක් මහ උළෙල පනාගොඩ දී

සුර්යයා ‍මීන රාශියේ සිට මේෂ රාශිය වෙත සංක්‍රමණය වීමත් සමඟම උදාවන්නා වු නව වසර සැමරීම වෙනුවෙන් පවත්වනු ලබන සිංහල හා දෙමළ අළුත් අවුරුදු උළෙල යුද්ධ හමුදා මුලස්ථානයේ සේවයේ නියතු සියයකට අධික සියළු නිලයින්ගේ සහභාගීත්වයෙන් පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ක්‍රීඩා පිටියේදී අඟහරුවාදා (10) දින පවත්වන ලද අතර එය සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදජනක ක්‍රීඩා රැසකින් සමන්විත විය.

බක්මහ උළෙල - 2018 හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා සේවා වනීතා ඒකකයේ ගරු සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මිය සංවිධායක මඩුල්ල විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජාතික ධජයත්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් යුද්ධ හමුදා ධජයත් ඉහලට එසවිමෙන් හා යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්විමෙන් පසු උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

අනතුරුව ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය වා තලයට මුසු කරනු ලැබු අතර මව්බිම වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිපත් කර විනාඩි 01 ක නිෂ්ශබ්දතාවයක් පවත්වනු ලැබිය. යුද්ධ හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සමාජිකාවන්, සෙසුනිලයින්, ආරාධිතයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය හා එක්ව බක් මහ උළෙල හි පවත්වන ලද සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදජනක ක්‍රීඩා සඳහා මහත් උද්යෝගයකින් සහභාගි වන ලදී.

මෙම බක් මහ උළෙල රබන් ගැසිම, කඹ ඇදිම, කොට්ටා පොර, ග්‍රීස් ගසේ නැගිම, අවුරුදු කුමරිය තේරිමේ තරගය, අලියාට ඇස තැබීම, බනිස් කෑමේ තරගය, සෙමින් බයිසිකල් පැදිම, ගම හරහා දිවීම, විකට ඇදුම් තරගය, බාධක දිවීම ආදී සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදාත්මක ක්‍රීඩා රැසකින් සමන්විත වු අතර එම තරග ඉසව් වලින් යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රිති ප්‍රමෝදයට පත්විය. එමෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන් සිය කාර්යබහුල ජිවිතයෙන් මිදි තම සහෝදර නිලධාරි සහ සෙසුනිලයින් සමග සුහද පිළිසදරක යෙදෙමින් ඔවුන් හා අවුරුදු ක්‍රිඩා කිහිපයකට ද එක්වෙමින් සිය සතුට බෙදා ගන්නා ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් තරග වලින් ජයග්‍රහණය ලැබුවන් වෙත ත්‍යාග පිරිනැමු අතර අළුත් අවුරුදු සුභ පැතුම් ද එක්කරන ලදී. අනතුරුව සහභාගි වු සියළු දෙනා සඳහා කිරිබත්, කැවුම්, ආශ්මි, කොකිස් වැනි සම්ප්‍රදායික ආහාර සහ රසකැවිලි වලින් පිරි භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.

latest jordan Sneakers | Sneakers