Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා භට පිරිස්හි මූලිකත්වයෙන් කලහකාරි සිදුවිමෙන් හානියට පත් දිගන - කෙන්ගල්ල මාර්ගයේ සුන්බුන් ඉවත්කර යථා තත්වයට පත්කිරීම ඇරඹේ

ඉකුත් දිනයන්හිදි මහනුවර ප්‍රදේශය කේන්‍ද්‍ර කරගනිමින් ඇතිවූ කලහකාරි සිදුවීමෙන් හානියට පත් දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන් හි හානියට පත් දේපල යථා තත්තවයට පත්කිරීම සහ අළුත්වැඩියා කිරී‍මේ කටයුතු මෙන්ම නුවර - මහියංගනය මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ කටයුතු මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන ‍භට පිරිස් විසින් ඉතා දුෂ්කර අභියෝගයන් මධ්‍යයේ අද (16) දින ආරම්භ කරන ලදී.

මූලික තක්සේරු කිරීම් වලින් අනතුරුව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් විසින් දිගන නගරයේ සිට කෙන්ගල්ල ප්‍රදේශය අතර මාර්ගයේ කිලෝමීටර් 05 ක ප්‍රමාණය අලුත්වැඩියා කිරීම සඳහා මූලික අවධානය යොමුකරන ලද අතර 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා නිලධාරි සහ සෙසුනිල 250 කට අධික පිරිසක් යොදවා එම මාර්ගය දෙපස හානි වූ දේපල වල සුන්බුන් ඉවත්කොට පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන ලදි.

මීට දින කිහිපයකට පෙර ප්‍රදේශයේ ආගමික හා ප්‍රජා නායකයින් අතර පැවති හමුවේදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණරත්න සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ලබාදුන් උපදෙස් මත කලහකාරි සිදුවිම් ඇතිවූ ප්‍රදේශයන්හි හානියට පත් දේපල අළුත්වැඩියා කිරීම් කටයුතු සහ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු සඳහා හමුදා භට පිරිස් හි සහාය ලබාදෙනු ලබයි.

ඒ අනුව, මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් එම ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ සම්බන්ධිකරණයෙන් මෙම සුන්බුන් ඉවත්කිරීම මෙන්ම දේපල අළුත්වැඩියා කිරීමේ ශ්‍රමදාන කටයුත්ත ආරම්භ කරනු ලැබුහ.

Nike air jordan Sneakers | Air Jordan Release Dates 2021 Updated , Gov