Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2018 21:13:11 Hours

බංගලාදේශ යුද්ධ හමුදාව තුල කාන්තා බලකායක් ස්ථාපනය කිරිම සඳහා ශ්‍රී ලංකාවේ සහය අපේක්‍ෂා කරයි.

බංගලාදේශ මහජන ජනරජයේ බංගලාදේශ යුද්ධ හමුදාව තුල කාන්තා බලකායක් ස්ථාපනය කිරිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපදෙස් හා සහයෝගය ලබාගැනිම සඳහා බංගලාදේශ හමුදා නිලධාරින් 05 කුගෙන් සමන්විත දුත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.

කර්නල් එම්ඩි කායිරූල් ඉස්ලාම් (Colonel Md Khairul Islam), කර්නල් බාෂීර් අහමඩ් (Colonel Bashir Ahmed), ලුතිතන් කර්නල් එම්ඩි කම්රුසාමන් (Lieutenant Colonel Md Kamruzzaman), මේජර් මොහම්මඩ් මාෆුසූල් ඉස්ලාම් (Major Mohammad Mahfuzul Islam) සහ මේජර් මොසැම්මත් සුල්තානා රසීයා (Major Mossammat Sultana Razia) යන නිලධාරි සහ නිලධාරිණීයන්ගෙන් සමන්විත මෙම දුත පිරිස සතියක කාලයක් දිවයිනේ රැදි සිටින අතර ඔවුන් අගහරුවාදා (27) දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. තවදුරටත් ඔවුන් හට අවශ්‍ය උපදෙස් හා සහයෝගය ලබාගැනිමේ අරමුණින් එම දුත පිරිස පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ හා කොමාන්ඩෝ රෙජිමේන්තු අණදෙන නිලධාරින් හමුවන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවති ද්විපාර්ශවීය සුහද සාකච්ඡාවෙන් අනතුරුව බංගලාදේශ යුද්ධ හමුදාවේ දැක්මට අනුව කාන්තා බලකායක් ස්ථාපනය කිරිමට අවශ්‍ය දෛනික රාජකාරින්, ඒකකයන් ස්ථාපනය කිරිම, යටිතල පහසුකම් සංවර්ධනය, පරිපාලන ව්‍යුහය සහ කාන්තා බලකායක් සදහා අවශ්‍ය වෙනත් අවශ්‍යතාවයන් පිළිබඳව සාකච්ඡාවක් යුද්ධ හමුදා මුලස්ථානයේ දී පවත්වන ලදී.

බංගලාදේශ යුද්ධ හමුදාව වෙත කාන්තා සෙබළියන් බඳවාගැනිමේ ක්‍රියාවලිය 2014 වසරේ සිට ක්‍රියාත්මක වුවද ඔවුන් වෙනම කාන්තා බලකායක් ලෙස පිහිටුවාගැනිමේ වැදගත්කම පිළිබඳව මෙහිදි බංගලාදේශ දුත පිරිස විසින් අවධාරණය කරන ලදී. මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කාන්තාවන් බලගැන්විම තුලින් ජාතිය වෙනුවෙන් සේවය කිරිමෙහිලා වැඩි දායකත්වයක් හමුදා මට්ටමින් සිදුකර ගත හැකි බවත්, බංගලාදේශ යුද්ධ හමුදාව විශේෂිත ඒකකයන් හා රෙජිමේන්තු වෙත වැඩි වැඩියෙන් කාන්තාවන් බඳවාගැනීමේ ක්‍රියාවලින් වර්ධනය කිරිම තුලින් ඔවුන් සංවර්ධන ක්‍රියාවලියට දායක කරගත හැකි බැව් පවසා ඇත.

කාන්තා බලකායක් ස්ථාපනය කිරිම පිළිබඳව දිගු කලක පුළුල් අත්දැකිම් සමුහයක් මෙන්ම බඳවා ගැනිම් සම්බන්ධව ද විශිෂ්ඨ වාර්තාවක් තබා ඇති බවත් කාන්තාවන් පුහුණු කිරිමේ ආදර්ශකයන්, යුධමය වකවානුවල සහ සාමකාමි වතාවරණයන් තුල දි රැකියා ලබාදිම, සාමන්‍ය දෛනික කටයුතු සහ ලියාපදිංචි කිරිම වැනි කරුණු පිළිබදව අධ්‍යයනය කිරිම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහයෝගය අපේක්‍ෂා කරන බැව් මෙම දුත මණ්ඩලයේ ප්‍රධානි කර්නල් එම්ඩි කායිරූල් ඉස්ලාම් (Colonel Md Khairul Islam) විසින් යුද්ධ හමුදාධිපතිවරයා වෙත පවසා සිටින ලදී.

බංගලාදේශ දුත කණ්ඩායම කාන්තා බලකායක් පිහිටුවිමේ ක්‍රමෝපායන් පමණක් නොව ඔවුන් සටන් භුමියේදි ලද අත්දැකිම් ද හුවමාරු කරගන්නා ලද අතර නිදහස ලබාගැනිමෙන් පසු දෙරට අතර සබඳතාවයන් පිළිබඳවත් එම සබඳතාවයන් පවත්වාගෙන යාම පිළිබදවත් සාකාච්ඡා කරන ලදී.

අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ බංගලාදේශ යුද්ධ හමුදා දුත පිරිස අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

එමෙන්ම බංගලාදේශ දුත පිරිස සඳුදා (26) දින යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි අතර එහිදි 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි මේජර් චතුරිකා බොබුවල විසින් ශ්‍රී ලංකා කාන්තා බලකායේ ඉතිහාසය, ව්‍යාප්තිය, පුහුණුව, බඳවා ගැනිම, ජයග්‍රහණයන්, මානුෂිය මෙහෙයුම, කාන්තා සෙබළියන් මුහුණ දෙන අභියෝගයන් පිළිබඳව කෙටි ඉදිරිපත් කිරිමක් සිදුකල අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩඩ්ලි වීරමන්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද මේ සඳහා එක්විය.

තවද අධ්‍යයන චාරිකාවක් සඳහා ගණේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ගිය මෙම බංගලාදේශ දුත පිරිස ආදර්ශකයන් සමගින් ප්‍රභු ආරක්‍ෂක රාජකාරින් සඳහා පුහුණුව ලැබු කාන්තා සෙබළියන්ගේ පුහුණු ක්‍රියාකාරකම් සහ රාජකාරි ස්වාභාවය පිළිබඳව දැනුමක් ලබාගත් අතර ඔවුන් දිවයිනෙන් පිටව යාමට ප්‍රථමයෙන් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ වන 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා මුලස්ථානයේ සංචාරයක නිරත විමටද නියමිතව ඇත.

Running sports | Archives des Sneakers