Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2018 14:14:07 Hours

බිංගිරිය ප්‍රදේශයේ පවත්වනු ලබන ජාතික වෙසක් උත්සවය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වයෙන් සිදුකරනු ලබන ව්‍යාපෘතින් යුද්ධ හමුදාධිපතිතුමාගේ නිරික්‍ෂණයට

සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් හා එළැඹෙන වෙසක් පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රාහකත්වය ඇතිව ජාතික වෙසක් දින සැමරුම - 2018 මෙවර බිංගිරිය ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් පැවැත්විමට නියමිත අතර ‍එම වැඩපිලිවෙලට සමගාමිව දේවගිරි රාජ මහා විහාරස්ථාන පරිශ්‍රයේ ධර්ම ශාලාවක් හා පරිපාලන ගොඩනැගිල්ලක් ඉංජිනේරු, යාන්ත්‍රික, විද්‍යුත් සහ ඉදිකිරිම් ක්‍ෂේත්‍රයේ මනා දැනුමක් හා අත්දැකිම්වලින් ද පරිපුර්ණ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයන් විසින් නවීන තාක්‍ෂණය යොදාගනිමින් හා අඩු පිරිවැයක් වැය දරමින් ඉදිකිරිමට නියමිතව ඇත.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (26) දින බිංගිරිය, දේවගිරි රාජ මහා විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතින ධර්ම ශාලාව හා පරිපාලන ගොඩනැගිලි ඉදිකිරිම්වල ප්‍රගතිය සොයාබැලිම සඳහා නිලධාරින් සහ ඉංජිනේරු භට පිරිස් සමගින් නිරික්‍ෂණ චාරිකාවක නිරත විය මෙහිදි ඉදිකිරිම් වල ප්‍රගතිය සම්බන්ධව විහාරාධිපති හිමියන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කරන ලද අතර මේ අවස්ථාව සඳහා 532 බලසේනාවේ බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසුන්දර හා 143 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පාලිත පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්වුහ.

දිගින් අඩි 142 ක් හා පළලින් අඩි 68 ක් වන එකවර බැතිමතුන් 1000 ක් සඳහා ඉඩ පහසුකම් ඇති මෙම ධර්ම ශාලාව සහ දිගින් අඩි 60 ක් හා පළලින් අඩි 32 ක් වන පරිපාලන ‍සහ පුස්තකාල ගොඩනැගිලි සංකිර්ණය ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 40 ක මුදලක් යුද්ධ හමුදාව ඇස්තමේන්තු ගත කර ඇත. මෙම ඉදිකිරිම් ව්‍යාපෘතිය බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 සේනාංකයට අයත් 143 බලසේනාංක මුලස්ථානය විසින් සිදුකරනු ලබන අතර එය මාස 3 කට අඩු කාලසිමාවකින් එළැඹෙන ජාතික වෙසක් සැමරුම් උළෙලට ප්‍රථම නිමකිරිමට සැලසුම් කර ඇත.

මෙවර ජාතික වෙසක් දින සැමරුම් උළෙලේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය වශයෙන් රජය විසින් බිංගිරිය දේවගිරි රාජ මහා විහාරස්ථානය නම් කර ඇත. මෙයට සමගාමිව ජාතික වෙසක් සැමරුම් සතියට ප්‍රථමයෙන් අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි සම්බන්ධිකරණයෙන් සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතින් රැසක් ද මෙම ප්‍රදේශය තුල ක්‍රියාත්මක වේ.

බිංගිරිය දේවගිරි රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය මල්ලගානේ අත්තදස්සි නායක ස්වාමින් වහන්සේ මෙම ඉදිකිරිම් ව්‍යාපෘතියේ අනුශාසක වශයෙන් කටයුතු කරන අතර උන්වහන්සේ ඉදිකිරිම් කටයුතු සිදුකරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන් පිළිබදව ද පුර්ණ විශ්වාසයක් තබා ඇති අතර පෞද්ගලිකවම යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදුකරනු ලබන ඉදිකිරිම් කටයුතු සම්බන්ධවත් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබදව ද සොයා බලනු ඇත.

විජයබාහු පාබල රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව භට පිරිස් හි සහයෝගයෙන් 1 වන ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් නව ධර්ම ශාලාව සහ අනෙකුත් ගොඩනැගිලි වල ඉදිකිරිම් කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබාදෙනු ලබයි.

ශ්‍රී ලංකාවේ ‍‍ඓතිහාසික මෙන්ම පෞරාණික විහාරයක් වන වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි බිංගිරියේ දේවගිරි රාජ මහා විහාරස්ථානයේ ඉතිහාසය ක්‍රිස්තු පුර්ව 3 වන සියවස දක්වා දිවයයි. මෙම පුදබිම ප්‍රථමයෙන්ම දේවානම්පියතිස්ස රජතුමන් විසින් ඉදිකර ඇති අතර පසුකාලීනව ස්ථුපයට බටහිරින් දෙමහල් ප්‍රාසාදයක්, ගලින් නෙලන ලද බුද්ධ ප්‍රතිමා 3 ක් හා ස්ථුපයට නැගෙනහිරින් කුඩා මාළිගයක්ද ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදි පමණ 1 වන අග්බෝ රජතුමන් විසින් ඉදිකර ඇත.

jordan Sneakers | Jordan Release Dates , Iicf