Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th March 2018 14:45:34 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්වුවන් දිරිගන්වයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ‘ගුණ ජය සතුට’ පදනමේ ප්‍රධානී කුෂිල් ගුණසේකර මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව බදාදා (14) දින කිලිනොච්චි ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල්වල සිසුන් 10 දෙනෙකු සඳහා නව පාපැදි බෙදාදෙන ලදී.

හොඳහිත වර්ධනයට සහ සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ සංකල්පයකට අනුව ‘ගුණ ජය සතුට’ පදනමේ අනුග්‍රහය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

මෙම උත්සවය කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්වූ සිසුන් වෙත පාපැදි ප්‍රදානය කළහ. අනතුරුව එතුමන් එම සිසුන් සමඟ සමූහ ජායාරූපයකට ද පෙනී සිටියහ.

latest jordan Sneakers | Women's Nike Superrep