Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th March 2018 14:06:11 Hours

ස්විස්ටර්ලන්ත නියෝජිත පිරිස යාපනය ආඥාපති හමුවේ

ස්විස්ටර්ලන්ත නියෝජිත පිරිසේ ප්‍රධානී ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තනාපති අතිගරු හයින්ස් වෝකර් - නෙදර්කෝම් මහතා (HE Heinz Walker - Nederkoom ) සහ ස්විස්ටර්ලන්ත තනාපති කාර්යාලයේ දේශපාලන ලේකම් ඩමියානෝ ග්වයිට්මාටි මහතා (Mr Damiano Sguaitamati) ඇතුළු නියෝජිත පිරිස උතුරේ කල සංචාරයක් අතරතුර සඳුදා (12) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ද සංචාරය කරන ලදි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් නියෝජිත පිරිස උණුසුම් අයුරින් පිළිගත් අතර සිය කාර්යාලයේ දී සුහද පිළිසඳරක ද නිරත විය.

මෙම සුහද හමුවේ දී ආඥාපතිතුමන් විසින් ‘යාපනය ආර්ධද්වීපයේ මේ වනවිට සිදු කරනු ලබන ප්‍රතිසන්ධාන ව්‍යාපෘතින්, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු’ පිළිබඳ නියෝජිත පිරිස දැනුවත් කළහ.

spy offers | Klær Nike