Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th March 2018 08:29:59 Hours

හොඳ සෞඛ්‍යය පුරුදු සඳහා වු ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක් විශිෂ්ඨතා සම්මාන උළෙල - 2017’

යුද්ධ හමුදා වෛද්‍ය ක්‍ෂේත්‍රය තුල නව පිටුවක් සනිටුහන් කරමින් කොළඹ යුද්ධ හමුදා රෝහල මගින් ආරම්භ කරනු ලැබූ ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියට සමගාමිව ප්‍රථම වතාවට ප්‍රධානය කරන හොඳ සෞඛ්‍යය පුරුදු සඳහා වු විශිෂ්ඨතා සම්මාන උළෙල - 2017 බදාදා (14) දින යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදි පවත්වන ලදී.

‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියේ පාලන කමිටුවේ සභාපති සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ ආරාධනයෙන් මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

2017 වසරේ හොඳ සෞඛ්‍යය පුරුදු සඳහා වු බලඇණිය සඳහා හිමි ශුරතාවය මන්නාරම ප්‍රදේශය මුලික කරගත් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකය හා 541 වන බලසේනාව යටතේ ස්ථාපිත 25 වන ගැමුණු හේවා බලඇණිය විසින් ද අනුශුරතාවය 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව හා තෙවන ස්ථානය 12 වන ගජබා රෙජිමේන්තුව තෝරාගත් අතර, මෙම සම්මානය සඳහා තෝරා ගැනිමේ නිර්ණායකයන් අනුව තේරිම් කටයුතු එම ව්‍යාපෘතියේ විධායක සම්බන්ධිකාරක බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කරන ලදී.

යුද්ධ හමුදාවේ ප්‍රථම වතාවට පවත්වනු ලබන ‘‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක් විශිෂ්ඨතා සම්මාන උළෙල - 2017’’ සඳහා යුද්ධ හමුදාධිපතිතුමාගේ පුර්ණ ආශිර්වාදය හිමි වු අතර එම කමිටුව විසින් පසුගිය සති කිහිපය පුරාවට දිවයින පුරා සේවයේ නියුතු සියළුම යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා සෞඛ්‍යය සම්පන්න ආහාර රටාවන් සහ ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යාම පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන් දියත් කරන ලදී.

මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියේ පාලන කමිටුවේ සභාපති සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහ යුද්ධ හමුදා සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජිව මුණසිංහ විසින් පිළිගන්නා ලදී.

මෙහිදි රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් පවත්වන ලද අතර පසුගිය වසරක කාලසීමාව තුල දී ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතිය මගින් සිදුකරන ලද වැඩසටහන් සබැදි වාර්තාමය චිත්‍රපටයක් ද ප්‍රදර්ශණය කරන ලදී. අනතුරුව ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියේ පාලන කමිටුවේ සභාපතිතුමන් විසින් පිළිගැනිමේ කථාව සිදුකරන ලදි.

2017 වසරේ හොඳ සෞඛ්‍යය පුරුදු සඳහා වූ බලඇණියට හිමි ශුරතාවය 25 වන ගැමුණු හේවා බලඇණිය ද එහි අනුශුරතාවය හා දෙවන අනුශුරතාවය පිලිවෙලින් 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 12 වන ගජබා රෙජිමේන්තුව විසින් දිනාගන්නා ලද අතර එම ජයග්‍රාහි බලඇණිවල සියළු නිලයින් නියෝජනය කරමින් ඒකක අණදෙන නිලධාරින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතින් අත්පොලසන් හඩ මධ්‍යයේ තම ඒකකයට අයත් කුසලානයන් ලබාගත්හ.

මෙම ජයග්‍රාහි කණ්ඩායම් සඳහා ජය සංකේත පිරිනැමිමේ අවස්ථාවට ප්‍රථමයෙන් යුද්ධ හමුදා සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජිව මුණසිංහ සහ එම ව්‍යාපෘතියේ පාලන කමිටුවේ සභාපති සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් ‍වසරේ හොඳ සෞඛ්‍යය පුරුදු සඳහා වූ බලඇණිය සඳහා තේරිපත්වු අනෙකුත් ජයග්‍රාහි ඒකකයන් හා මෙම ව්‍යාපෘතිය සඳහා විශාල දායකත්වයක් ලබාදුන් ව්‍යාපෘති කාර්ය මණ්ඩලය වෙත සහතික පත් හා තිලිණ ප්‍රදානය සිදුකරන ලදි.

මෙම සම්මාන උළෙල යුද්ධ හමුදා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සමාජික සමාජිකාවන් විසින් ඉදිරිපත් කරන ලද ‍කලා අංගයන්ගෙන් විචිත්‍රවත් විය.

ප්‍රථම වතාවට මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ අතර, මෙමගින් පසුගිය වසර පුරාවට යුද්ධ හමුදාවේ හොඳම බලඇණි කවරේද යන්න තෝරා ගැනිමට අවස්ථාවක් හිමි විය.

කොළඹ යුද්ධ හමුදා රෝහල වෙතින් ක්‍රියාත්මක කරන ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියේ අවසන් පියවර ලෙස මෙම විශිෂ්ඨතා සම්මාන උළෙල බිහිවූ අතර, මෙම ව්‍යාපෘතියේ විධායක සම්බන්ධිකාරක බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම් විජේවර්ධන සහ එම ව්‍යාපෘතියේ පාලන කමිටුවේ සභාපති සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ මුලිකත්වයෙන් දිවයින පුරා ව්‍යාප්තව ඇති යුද්ධ හමුදා මුලස්ථානයන් හි බෝ නොවන රෝග ව්‍යාප්තිය නිවාරණය සඳහා දැනුවත් කිරිමේ වැඩසටහන් පවත්වනු ලබයි.

‘‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක් විශිෂ්ඨතා සම්මානය - 2017” සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානයන් මට්ටමින් ලද අයදුම්පත් විශේෂ කමිටුවක් මගින් ඇගයිමට ලක්කරන ලද අතර එම ස්ථානයන් නිරික්‍ෂණය කිරිම ද සිදුකරන ලදි. මෙවන් සම්මාන ප්‍රදානය මගින් යුද්ධ හමුදාව තුල බෝනොවන රෝග ව්‍යාප්තිය පාලනයට මෙන්ම සෞඛ්‍යය සේවාවේ ප්‍රමිතින් පවත්වාගෙන යාමට ද ඉඩ සැලසෙනු ඇත.

2014 මැයි මස 19 දින ආරම්භ වු සෞඛ්‍යය අධ්‍යාපනය, පරික්‍ෂණ සහ ඇගයීම යන කොටස් වලින් සමන්විත ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතිය මගින් යුද්ධ හමුදා කඳවුරු තුල හෘදයාබාධ සහ දුම්බිම මගින් ඇතිවන මරණ සංඛ්‍යාව බෙහෙවින් අඩුකර ගැනිමට ද හැකියාව ලැබි ඇත.  

තවද, ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතිය මගින් යුද්ධ හමුදා කඳවුරු තුල සිගරට් සහ මත්පැන් විකිණිම තහනම් කිරිම, යුද්ධ හමුදා රැස්විම් හා සම්මන්ත්‍රණවල දි සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර ලබාදිම, සෞඛ්‍යය සම්පන්න ලෙස ආහාර පිසිම සඳහා යුද්ධ හමුදා සුපවේදින් පුහුණු කිරිම වැනි ක්‍රියාමාර්ගයන් තුලින් නිරෝගිමත් හමුදාවක් බිහි කිරිම උදෙසා ගෙන ඇති පියවර බෙහෙවින් අගය කල හැකි අතර, මෙම උත්සවය සඳහා නිලධාරින් සහ ආරාධිතයින් විශාල ප්‍රමාණයක් සහභාගි වුහ.

latest jordan Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov