Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යාපනය ආරක්ෂක සේනා පාපන්දු ශූරතාවය 10 වන විජයබාහු රෙජිමේන්තුව දිනාගනී

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන අන්තර් ඒකක පාපන්දු ශූරතා අවසන් තරඟය 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා ක්‍රිඩාංගණයේදී බ්‍රහස්පතින්දා (8) පැවැත්විණි.

තරඟාවලිය යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ සංකල්පයක් මත නිලධාරින් සහ සෙසුනිලයන්ගේ ක්‍රිඩා කුසලතා වර්ධනය කිරිමේ සහ අනෝන්‍ය සහයෝගය වර්ධනය කිරිමේ අරමුණින් ආරම්භ කරන ලදි.

52 සේනාංකයේ මඟපෙන්විම යටතේ 522 බලසේනා මුලස්ථානය විසින් සංවිධානය කළ මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 24 ක් සහභාගි වූ අතර, ඉන් අවසන් තරඟය සඳහා 10 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සහ 16 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම තේරීපත්විය. එහිදි ලකුණු 2-0 ලෙස 10 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම ශූරතාවය හිමිකර ගනු ලැබීය.

අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි සහභාගි වු අතර, ජයග්‍රාහකයින් සඳහා කුසළානය හා සහතික පත් ප්‍රදානය කරන ලදි.

ක්‍රිඩා තරඟය නැරඹීමට සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් පැමිණ සිටියහ.

jordan release date | Nike