Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th March 2018 19:04:24 Hours

ජාතික කාන්තා දිනයට සමගාමීව පොළොන්නරුවේ දී කාන්තා සෙබළියන් සිය කුසලතාවයන් පිළිබිඹු කරයි

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, යුද්ධ හමුදා කාන්තා සෙබළියන් විවිධ වෘත්තීය කුසලතාවයන් ප්‍රදර්ශනය කරමින් ජාතික කාන්තා දිනය සැමරීමේ උත්සවයක් පොළොන්නරුව, රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී බ්‍රහස්පතින්දා (08) දින පැවැත් වූ අතර මෙම උත්සවය ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය සහ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය එක්ව සංවිධානය කරනු ලැබීය.

සයිබර් ආරක්ෂණය සහ සොරකම් පිළිබඳ මෙන්ම හානි වලින් ආරක්ෂා වී සිටිමට කාන්තාව ලබා ඇති දැනුම, වාස්තු විද්‍යාව, ඉංජිනේරු විෂය තුල නිර්මාණකරණය සහ ඉදිකිරීම්, ආරක්ෂාව හා සමාජ මෙහෙවර, උත්සව, පොලිස් රාජකාරි, ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතිය, නීතිමය කටයුතු සහ ගැටළු, ක්‍රීඩා ක්ෂේත්‍රය, පැළ තවාන් නඩත්තු කිරීමේ හැකියාව, කාන්තාවන්ගේ ගුවන් හැකියාවන්, ආත්ම ආරක්ෂක සටන් කලා ප්‍රදර්ශන, සංස්කෘතික ක්‍රියාකාරකම් ආදිය ඇතුලත්ව ‘දියුණුවේ මංපෙත් හෙළිකරයි ඇය සවිමත්’ යන මැයෙන් දැවැන්ත ප්‍රදර්ශනයක් මෙහිදි පැවැත්විය.

පළමු වරට පොළොන්නරුවේදී, මෙම ජාතික උත්සවය වර්ණවත් කරමින්, රැස්ව සිටි ජනතාවගේ අත්පොළසන් මධ්‍යයේ කපිතන් අයි.බී.එම්.අයි වික්‍රමසිංහ සහ කපිතන් අයි.ඩී.ඩී මුතුමාලි යන කාන්තා නිලධාරිණියන් දෙදෙනා ඇතුළු යුද්ධ හමුදා කාන්තා සෙබළියක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා සෙබළියන් 6 දෙනෙකු අඩි 7000 ක් ඉහළ අහසේ සිට පැරෂුට් ආධාරයෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාල ක්‍රීඩාපිටියට ළඟාවිය.

එමෙන්ම, මෙම ජාතික උත්සවයට විවිධත්වයක් එක් කරමින් යුද්ධ හමුදා කාන්තා සෙබළියන් 150 දෙනෙකු විසින් තම හැකියාවන් මනාව පිළිබිඹූ වන ශාරීරික අභ්‍යාස ප්‍රදර්ශනයක් මෙන්ම යුද්ධ හමුදා කාන්තා සෙබළියන් 55 දෙනෙකු විසින් සංස්කෘතික සංදර්ශනයක් සහ තුර්යවාදක සංදර්ශනයක් ද පැවැත්විය.

යුද්ධ හමුදා කාන්තා සෙබළියන්ගේ මෙම සුවිශේෂි ප්‍රදර්ශනය ඉතා උද්යෝගයකින් යුතුව මහජනතාව නැරඹු අතර එක් එක් සංදර්ශනයන් අවසානයේ ලැබුණු අත්පොළසන් හඬ මෙම උත්සවය මානාව සංවිධානය කල ඇති බවට මනාව පසක් කළහ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සහභාගි විය.

මෙම ජාතික උත්සවය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සහ ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘති අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් ද සහභාගි වූහ.

spy offers | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth