08th March 2018 15:57:14 Hours
උතුරු මැද පළාත තුල ව්‍යාප්ත වන වකුගඩු රෝගය නිවාරණය කිරිමේ වැඩසටහනට සමඟාමිව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 62 වන සේනාංක භඨ පිරිස් විසින් අඟහරුවාදා (6) දින ‘ජයන්ති වැව’ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් වකුගඩු රෝගය පිළිබඳ මෙන්ම එය නිවාරණය කරගැනිමේ ක්‍රමවේදයන් පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන් හා වෛද්‍ය සායනයක් පවත්වන ලද අතර මෙම ව්‍යාපෘතිය සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනිගසිංහගේ ආරාධනයෙන් මේජර් (විශ්‍රාමික) අරුණ පෙරේරා අනුග්‍රාහකත්වය දක්වන ලදි.
මෙහිදි වකුගඩු රෝගයට ලක්වු රෝගින් 160 කට වැඩි පිරිසක් සහ විවිධ රෝගාබාධයන්ගෙන් පෙලෙන රෝගින් 170 කට වැඩි පිරිසක් සඳහා වෛද්‍ය පරික්ෂණ, උපදෙස් හා ප්‍රතිකාර ලබාදුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස වකුගඩු රෝගය නිසා බරපතල තත්වයේ සිටි සිවිල් වැසියන් 6 ක් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත යොමුකරවන ලදී.
මෙහිදි රෝගීන් වෙත රු.60,000/= ක් වටිනා ඖෂධ ලබාදුන් අතර ප්‍රදේශයේ රෝහල් වල වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ රෝහල් සහායකයින්ගේද සහයෝගය ලැබුණි.
Running sport media | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4