Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2018 08:52:26 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සැතපුම් 2 මුහුදු පිහිනුම් ශුරතාවලිය - 2018 නිමාවේ  

යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුව මගින් දෙවන වරට සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු සැතපුම් 2 මුහුදු පිහිනුම් ශුරතාවලිය - 2018 බදාදා (7) දින ගල්කිස්ස මුහුදු තීරයේදි පැවති අතර මේ සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 157 ක් සහ ක්‍රීඩිකාවන් 9 ක් සහභාගි වුහ.

 

මෙහිදි සමස්ථ තරඟාවලියේ පිරිමි අංශයේ අභියෝගතා ශුරතාවය ගජබා රෙජිමේන්තු කණ්ඩායම ද කාන්තා අංශයේ ශුරතාවය 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම ද දිනාගන්නා ලද අතර දක්ෂතම පිහිනුම්කරු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය නියෝජනය කල ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්. විමල් කුමාර ද දක්ෂතම පිහිනුම්කාරිය වශයෙන් 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය නියෝජනය කරන ලද ලාන්ස් කෝප්‍රල් ආර්.කේ ජයතිලක ද කුසලාන හිමිකර ගන්නා ලදි.

මෙවර අන්තර් රෙජිමේන්තු සැතපුම් 2 මුහුදු පිහිනුම් ශුරතාවලිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම විසින් හිමිකර ගත් අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය පිලිවෙලින් දෙවන හා තෙවන ස්ථාන හිමිකරගන්නා ලදී. එසේම අන්තර් රෙජිමේන්තු සැතපුම් 2 මුහුදු පිහිනුම් ශුරතාවලියේ කාන්තා අංශයේ ශුරතාවලිය 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් ද අනුශුරතාවය 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් ද හිමිකරගන්නා ලදී. 

අන්තර් රෙජිමේන්තු සැතපුම් 2 මුහුදු පිහිනුම් ශුරතාවලියේ ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න සහභාගි වු අතර යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් ලයනල් කස්තුරිආරච්චි, යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ උප සභාපති කර්නල් කිලිෆර්ඩ් ද සොයිසා, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පිහිනුම් තරඟකරුවන්, ආරාධිතයින් සහ නරඹන්නන් විශාල ප්‍රමාණයක් ද මේ සඳහා එක්වුහ.

buy footwear | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth