08th March 2018 08:53:32 Hours
මේජර් ජෙනරාල් කේ.ඒ.ඩි.එස්.එල් පෙරේරා භඨ කාර්ය සම්පාදන අණසක හි නව ආඥාපතිවරයා වශයෙන් සඳුදා (5) දින කොස්ගම පිහිටි භඨ කාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ දී සිය තනතුරේහි රාජකාරි අරඹන ලද අතර එම මුලස්ථාන නිලධාරින් හා සෙසුනිලයින් විසින් සංවිධානය කරන ලද නව ආඥාපතිවරයා රාජකාරි භාරගැනිමේ උත්සවය සඳහා කඳවුරු සම්මාන මුරයක්, ආගමික වතාවත් හා සියළු නිල තේපැන් සංග්‍රහයක් ද ඇතුළත් විය.
මේජර් ජෙනරාල් කේ.ඒ.ඩි.එස්.එල් පෙරේරා භඨ කාර්ය සම්පාදන අණසකහි නව ආඥාපතිවරයා වශයෙන් වැඩ භාරගැනිමට පෙර උතුර ඉදිරි නඩත්තු පෙදෙස හි ආඥාපතිවරයා වශයෙන් රාජකාරි කරන ලද අතර නව ආඥාපතිවරයා වැඩ භාරගැනිමේ උත්සවය සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු කොළඹ සහ පනාගොඩ ප්‍රදේශවල භඨ කාර්ය සම්පාදන ඒකකයන් හි අණදෙන නිලධාරින් ද එක්ව සිටියහ.
Running Sneakers Store | 『アディダス』に分類された記事一覧