Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2018 08:40:01 Hours

64 වන සේනාංක වොලිබෝල් ශූරතාවය 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට

සෙබළුන්ගේ ක්‍රීඩා දක්ෂතා ඔප්නැංවීමේ අරමුණින් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ ස්ථාපිත බලඇණි අතර වොලිබෝල් ශූරතාවලියක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්යන්ත රාජගුරුගේ අධික්ෂණයෙන් 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරිණි.

වොලිබෝල් ශූරතාවලියේ මූලික තරඟ ප්‍රතිමල්ලවයන් පිටු දැකීමේ ක්‍රමයට සේනාංක කණ්ඩායම් හා බළසේනා කණ්ඩායම් ලෙස කාණ්ඩ 02 ක් යටතේ පැවැත්වුනු අතර, එහිදි 642 බළසේනා කණ්ඩායම සුපිරි 7 වටයට සුදුසුකම් ලැබූහ.

දෙවන වටයේ තරග 64 වන සේනාංකයේ බලඇණි අතර පැවැත්විණි. එහිදී 12 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම සහ 13 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබූහ.

64 වන සේනාංක වොලිබෝල් ශූරතාවය 13 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම දිනාගත් අතර, 12 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම අනුශූරයින් බවට පත්විය.

13 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් කෝප්‍රල් කේ.එන්.එස්. කවිසේන තරඟාවලියේ හොඳම පන්දු සකසන්නා ලෙසත්, සාමාන්‍ය සෙබල වි.එම්. චතුරංග තරඟාවලියේ හොඳම පිරිනමන්නා ලෙසත්, ලාන්ස් කෝප්‍රල් කේ. කරුණාසේන හොඳම පුද්ගලික දක්ෂතාවය පෙන්වූ ක්‍රීඩකයා ලෙසත්, ලාන්ස් කෝප්‍රල් කේ. කරුණාරත්න තරඟාවලියේ සෑම අතින්ම අතිශුර ක්‍රීඩකයා ලෙසත් තේරි පත්වූහ.

ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු සහභාගි වූ අතර, ජයග්‍රාහි කණ්ඩායම් සඳහා කුසළාන සහ සහතික පත් ප්‍රදානය සිදුකරන ලදි. උත්සවය අවසාන වීමට පෙර කණ්ඩායම් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

Best Nike Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos