Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2018 10:12:09 Hours

රණක්‍ෂිතයට පත් රණවිරුවන් සිරිපා කරුණා කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශය, යුද්ධ හමුදාධිපතිතුමන් සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පුර්ණ අනුමැතිය මත ‘සුමන රණවිරු සහන පදනම’ නිර්මාතෘ පුජ්‍ය දරණගම සුමනරතන ස්වාමින්වහන්සේ විසින් පෙබරවාරි මස 16 දින සිට 17 දින දක්වා අපගේ හෙට දවස යහපත් කරන්නට සිය ජිවිතය කැපකරන ලද පුර්ණ කාලීනව රණක්‍ෂිතයට පත්ව සිටින රණවිරුවන් 12 කුගෙන් සමන්විත කණ්ඩායමක් පුජනීය ශ්‍රී පාදස්ථානය වන්දනා කිරිම සඳහා රැගෙන යනු ලැබුහ.

කටුනායක, ආඩිඅම්බලම, ජයරාජරාම විහාරයේ විහාරවාසි පුජ්‍ය දරණගම සුමනරතන ස්වාමින්වහන්සේගේ ‘සුමන රණවිරු සහන පදනම’ මගින් පසුගිය වසර 18 ක කාලය තුල දී 550 කට අධික රණක්‍ෂිතයට පත් රණවිරුවන් පිරිසක් සුමන රණවිරු සහන පදනමේ සමාජිකයින්ගේ සහයෝගයෙන් සිරිපා කරුණා කරන ලදි.

නල්ලතන්නිය ප්‍රදේශයෙන් ආරම්භ වු මෙම වන්දනා ගමන සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ උපදෙස් මත එම මුලස්ථාන භඨ පිරිස්හි ද සහයෝගය ලබාදෙන ලදී.

පුජ්‍ය දරණගම සුමනරතන ස්වාමින්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය මත නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ගැමුණු හේවා බලඇණියේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත කුරුවිට ප්‍රදේශය මුලික කරගත් ගැමුණු හේවා බලඇණිය විසින් මෙම වන්දනාවට අවැසි සියළු පහසුකම් සම්පාදන කරන ලද අතර මෙම වන්දනාව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකර්සුගේ උපදෙස් මත එම අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සම්බන්ධිකරණය කරන ලදී.

තම සහෝදර සෙබළුන් හා ‘සුමන රණවිරු සහන පදනම’ සමාජිකයින්ගේ කරමතින් ශ්‍රී පාදස්ථානයේ උඩ මළුවට පැමිණි රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා පුජ්‍ය දරණගම සුමනරතන ස්වාමින්වහන්සේ විසින් ආගමික වතාවත් සිදුකරන ලද අතර සිරිපා කරුණා කරන්නට පැමිණි සිටි අනෙකුත් බැතිමතුන් විසින් අපගේ හෙට දවස යහපත් කරන්නට සිය ජිවිතය කැපකරන ලද පුර්ණ කාලීනව රණක්‍ෂිතයට පත් රණවිරුවන් ඉතා උණුසුම් අයුරින් පිළිගනිමින් ආහාරපාන සහ රසකැවිලි වලින් ද සංග්‍රහ කරන ලදී.

bridge media | NIKE AIR HUARACHE