Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2018 22:43:04 Hours

භඨ පිරිස් පිරිසිදු කිරිමේ ව්‍යාපෘතීන් සඳහා සහාය දක්වයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්නගේ උපදෙස් මත 18 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භඨ පිරිස් විසින් යාපනය, උයන්පුරම් මධ්‍ය මහා විද්‍යාලය සහ උයන්පුරම් ග්‍රාමීය ආයුර්වේද රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා සිය දායකත්වය දක්වන ලදී.

උයන්පුරම් මධ්‍ය මහා විද්‍යාල භුමිය පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා 513 වන බල සේනාව යටතේ වන 18 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භඨ පිරිස් සහ උයන්පුරම් මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු භවතුන් 02 කු සහ පාසල් ළමුන් 15 කු සහභාගි වු අතර, 51 වන සේනාංකය යටතේ ස්ථාපිත 14 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භඨ පිරිස් විසින් උයන්පුරම් ග්‍රාමීය ආයුර්වේද රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් ද පවත්වන ලදී.

මේ අතර, 18 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භඨ පිරිස් විසින් සන්දිලිපායි හින්දු විද්‍යාලීය ගුරුභවතුන් සහ පාසල් සිසුන් ද සහභාගිත්වයෙන් එම පාසල් භුමිය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් ද දියත් කරන ලදී.

url clone | Releases Nike Shoes