Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2018 10:01:49 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරු චරිත් කුලතිලකගේ ‘සිහිනයක් සේ’ ගීත ඇල්බමය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වයි

‘රණවිරු රියල් ස්ටාර්’ සංගීතමය වැඩසටහනින් තම ගායන හැකියාවන් ප්‍රගුණ කරගත් අනුරාධපුර ‘අභිමංසල - 1’ සුව සහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන දෘෂ්‍ය හා ශාරීරිකව රණක්‍ෂිතයට පත් 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් චරිත් කුලරුවන් කුලතිලක රණවිරුවාගේ දෙවන ගීත ඇල්බමය වන ‘සිහිනයක් සේ’ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ඉරිදා (25) දින සන්ධ්‍යාවේදි ආරක්‍ෂක සේවා විද්‍යාලයේ දී පිළිගන්වන ලදී.

අනුරාධපුර ‘අභිමංසල - 1’ සුව සහන මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින අතරතුර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහයෝගය මත ඔහු විසින් ගීත 16 ක් ඇතුළත් මෙම නව ගීත ඇල්බමය නිෂ්පාදනය කරන ලදී. මෙම ‘සිහිනයක් සේ’ ගීත ඇල්බමය එළි දැක්විමේ අවස්ථාව සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහ ගායන ශිල්පි කෝප්‍රල් චරිත් කුලරුවන් කුලතිලක ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මියද සහභාගි විය.

මෙහිදි ප්‍රවීණ ග්‍රන්ථ කතෘවරියක් වන සුමිත්‍රා ගොඩගේ මහත්මිය විසින් පිළිගැනිමේ කථාව සිදුකරන ලද අතර නැගි එන ගීත තරුවක් වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් චරිත් කුලරුවන් කුලතිලක ගේ ‘සිහිනයක් සේ’ ගීත ඇල්බමයේ ගීත සඳහා දිවයිනේ ප්‍රවිණ පද රචකයන් සහ සංගීත නිර්මාණකරුවන්ගේ සහාය ලැබි ඇත.

පොල්තෙල් පහන දැල්විම, තේමා ගීතය වාදනය, දිවිපිදු රණවිරුවන් සිහිපත් කිරිම ආදි සම්ප්‍රදායික අංගයන්ගෙන් පසු මෙම ගීත ඇල්බමයේ පළමු සංයුක්ත තැටිය නැසිගිය හෙළයේ මහා ගාණ්ධර්භයාණන් වන පණ්ඩිත් අමරදේවයන්ගේ භාර්යාව වන විමලා අමරදේව මහත්මිය වෙත සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිළිගැන්වු අතර අනෙකුත් සම්භාවනීය අමුත්තන් වෙත ද පිළිගන්වන ලදි.

5 වන විජයබාහු රෙජිමේන්තුවේ රණවිරු කුලතිලකයන් මුහමාලෙයි ඉදිරි ආරක්‍ෂක වළල්ලේදි ත්‍රස්ථවාදින්ගේ බිම් බෝම්බයක් පිපිරිම හේතුවෙන් ඔහුගේ දෙනෙත් මෙන්ම එක් අතක් අහිමි වු අතර සිය ගායන කුසලතාවයන් ඔප මට්ටම් කරගනිමින් ‘රණවිරු රියල් ස්ටාර් - 3 මෙහෙයුම’ අවසන් තරඟකරුවන් 12 නා අතරට පැමිණිමට තරම් භාග්‍යවන්ත විය.

‘සම්බුදු බණ පද’, ‘බුදුන් වඩිනා සේ’, ‘බෝ මළුවට’, ‘පන්සල පල්ලිය’, ‘සැඳෑ ගණදුර’, ‘සිහිනයක් සේ’, ‘ලන්දේ පිපුණ බෝවිටියා’ , ‘නීල වරල’, ‘නුඔට හිතයි’, ‘ඔය පපුවට’, ‘රුවට නු‍බේ’, ‘සුදු පිච්ච මලට’, ‘ගඟ දිය සිනාසිසි’, ‘රිදෙන තරම් සිත’, ‘තනිව ආ ගමන’ සහ ‘හීන පුරා’ වැනි නව ගීත 16 කින් සමන්විත මෙම ගීත ඇල්බමය විජිත ජයරත්න, සුසිල් අබේරත්න, මේජර් ඩි.ඒ. ගුණරත්න, සමන්ත පෙරේරා, රවින්ද්‍ර අලගියවන්න, දර්ශණ දීපාල්, අමිල් තරංග, දිලාන් රාමනායක, අජිත් සංජිව පෙරේරා, චානුක ජයසිංහ සහ දර්ශණි චන්ද්‍රසේන වැනි සංගීතවේදින්ගේ සංගීතයෙන් රසවත් වු අතර කල්ප රණසිංහ, අනුර ප්‍රියංකර, මේජර් ඒ.ඩි. ගුණරත්න, මහේෂ් සෝමපාල, විජිත ජයරත්න, ඉනෝකා වකොටුව, සුමිත්‍රා ඩි. ගොඩගේ, රුවන් ප්‍රසන්න පිරිස්, ශ්‍යාමලි ගාල්ලගේ සහ නිලුකා සංජිවනි ප්‍රනාන්දු වැනි ගී පද රචකයින්ගේ පද රචනාවන් ගෙන් අර්ථාන්විත වී ඇත.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර යුද්ධ හමුදා සංස්කෘතික අංශයේ වෙස් නර්තන ශිල්පීන් සහ බෑග්පයිප් වාදකයින් පෙරටුකරගනිමින් එතුමන් ප්‍රධාන ශාලාව වෙත කැඳවාගෙන එන ලදී.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින්, නවක ගායක ගායිකාවන්, පද රචකයින්, කලාකරුවන්, චරිත් කුලතිලක රණවිරුවාගේ බිරිඳ, පවුලේ ඥාතින්, ‘අභිමංසල’ සහ ‘මිහිදු සෙත්මැදුර’ ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් ඇතුළු විශාල රසිකයින් පිරිසක්ද මේ සඳහා සහභාගි වුහ.

Running sneakers | Air Jordan Release Dates 2020