Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

නිදහස් සැමරුම වෙනුවෙන් කිලිනොච්චි භට පිරිස් ශ්‍රමදාන ව්‍යාපාරයක

නිදහස් දින සැමරුම් නිමිත්තෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය, 65 වන සේනාංකය සහ 66 වන සේනාංකය එම බළප්‍රදේශයන්හි භට පිරිස් සහභාගිත්වයෙන් සෙනසුරාදා (03) දින විවිධ ප්‍රජා සත්කාරක ශ්‍රමදාන වැඩසටහන් කිහිපයක නිරත විය.

57 සේනාංකයට අයත් බළසේනාධිපතිවරුන්ගේ සහ අණදෙන නිලධාරින්ගේ සම්බන්ධිකරණයෙන් සහ අධික්ෂණයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ වාට්ටු සහ රෝහල් පරිශ්‍රය එම සේනාංකයේ 500 අධික භට පිරිසකගේ දායකත්වයෙන් ශුද්ධ පවිත්‍ර කරන ලද අතර, ඉන් අනතුරුව එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට පලතුරු බෙදාදීමක්ද සිදුකරන ලදි.

මේ අතර, කිලිනොච්චි දිස්ත්‍රික් රෝහල් ලේ බැංකු කාර්යය මණ්ඩලය විසින් 66 වන සේනාංකය වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස ලේ දන්දීමේ ව්‍යාපාරයක්ද යුද්ධ හමුදා භට පිරිස් විසින් එදින (3) සංවිධානය කරන ලද අතර, යුද්ධ හමුදා සාමාජිකයින් 58 දෙනෙකු එහිදී ලේ පරිත්‍යාග කළහ.

කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලෙහි පරිපාලන කාර්ය මණ්ඩලය සහ දොස්තරවරුන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය එම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදුන් අතර, 57 සේනාංකයේ බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද ඒ සඳහා සහභාගි වූහ.

තවද, මුලන්කාවිල් රජයේ රෝහල, අක්කරායන්කුලම් රජයේ රෝහල සහ මල්ලාවි රජයේ රෝහල් පරිශ්‍රයන්හි 65 සේනාංකයේ භට පිරිස් විසින් තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් නිදහස් දිනය නිමිත්තෙන් සෙනසුරාදා (3) දින පවත්වන ලදි.

මෙම ව්‍යාපෘතිය රෝහල් බලධාරින්ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ගේ අනුමැතියෙන් සහ සම්බන්ධිකරණයෙන් සිදුකරන ලදි.

65 වන සේනාංකයේ භට පිරිස් විශාල සංඛ්‍යාවක් මෙසේ රෝහල් පරිශ්‍රය පිරිසිදු ‍කොට නිදහස් දිනට සමගාමීව වඩාත් පරිසර හිතකාමී වටපිටාවක් ඇති කිරිමට කටයුතු කරන ලදි. එසේම, වෛද්‍ය බලධාරින්ගේ අනුමැතිය මත භට පිරිස් විසින් බීම සහ දහවල් ආහාරය ද නේවාසික රෝගීන් වෙත පිළිගන්වන ලදි.

මේ අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංක භට පිරිස් විසින් සෙනසුරාදා (3) ප්‍රජා සත්කාරක ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කරමින් පුනරීන්, කිලිනොච්චි, උරතිපුරම් හා වරවි රෝහල් පරිශ්‍රයන් ද ශුද්ධ පවිත්‍ර කිරිමට කටයුතු කරන ලදි.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ සෘජු අධික්ෂණය යටතේ සාමාන්‍ය වැසියන් හා යුද්ධ හමුදා සාමාජිකයින් අතර හොඳ හිත වර්ධනය කිරිමේ අරමුණින් රෝගීන් හා රෝහල් කාර්ය මණ්ඩලයට පිසින ලද ආහාර ලබාදුන් අතර, රෝහල් පරිශ්‍රයද අලංකාරවත් කරන ලදි.

66 වන සේනාංකයට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිළයින් 300 ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා සහභාගි වූහ. කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ අධික්ෂණයෙන් මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන ලදි.

spy offers | Jordan Ανδρικά • Summer SALE έως -50%