Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th February 2018 21:50:37 Hours

ලෙබනන් සාම සාධක රාජකාරින් සඳහා පළමු කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 12 වන සාම සාධක ආරක්ෂක කණ්ඩායම ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරින් සඳහා ඉරිදා (18) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ.

රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් 150 දෙනෙකුගෙන් සමන්විත මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිසේ පළමු කණ්ඩායම (නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 14 ක්) ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්විය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න දින කිහිපයකට ප්‍රථම අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි මෙම පිරිස අමතන ලද අතර මෙම පිරිසට සුභ පැතීම සඳහා අද (18) උදෑසන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ.

ලෙබනන් රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා පිටත්ව යන මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායට අයත් නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 140 දෙනෙකු ඇතුලත් වේ.

මෙහි දෙවන කණ්ඩායම සඳුදා (19) දින සහ අවසන් කණ්ඩායම මාර්තු මස 06 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

Best Authentic Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK