Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th February 2018 19:23:13 Hours

යුද්ධ හමුදා සෙබලෙකු විසින් රචිත සම්මාන ලාභී ග්‍රන්ථය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමයි

1818 දි ඇතිවු ඌව - වෙල්ලස්ස කැරැල්ල පාඨක කොටගත් 2 වන ස්වේච්ඡා ගැමුණු හේවා බලඇණියේ ලාන්ස් කෝප්‍රල් සුජිව කුමාර කෝවිලතැන්න විසින් රචිත සම්මාන දිනු ‘වෑකඩවර’ නව කථා පොත අද (14) දින දහවල් යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිරිනමන ලදී. තවද මෙම නව කථාව 2016 ඌව පළාත් රාජ්‍ය සාහිත්‍යය උළෙලේදී හොඳම නිර්මාණාත්මක රචකයාට හිමි ගොඩගේ සම්මානය දිනා ගන්නා ලද අතර 2017 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය උළෙළ සඳහා ද නිර්දේශ වී ඇත.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ ගැමුණු හේවා බලඇණියේ කර්නල් සේනාවිධායක හා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහ ගැමුණු හේවා බලඇණියේ ‍මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න එක් වු අතර යුද්ධ හමුදාධිපතිතුමන් එම පොතෙහි පිටු කිහිපයක්ද බලා ලාන්ස් කෝප්‍රල් සුජිව කුමාර කෝවිලතැන්නගේ සාහිත්‍යයමය හා රචනා කුසලතාවයන් වෙනුවෙන් සුභ පැතුම් ද එක්කරන ලදි. තවද ලාන්ස් කෝප්‍රල් සුජිව කුමාර කෝවිලතැන්න විසින් මීට ප්‍රථම නව කථා පොත් 02 ක් ද රචනා කර ඇත.

Buy Sneakers | jordan Release Dates