Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th February 2018 21:59:51 Hours

අඩු ආදායම් ලාභි පවුල්වල පාසල් සිසුන් 150 අධික පිරිසකට පාසල් උපකරණ ලබාදේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ‍ජෙනරාල් අජිත් කාරියකරවනගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය විසින් කිලිනොච්චි විශ්වමඩු ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් වල සිටින පාසල් සිසුන් 150 වැඩි පිරිසක් සඳහා පාසල් උපකරණ සහ පාසල් නිල ඇදුම් බෙදාදිමේ උත්සවයක් ඉරිදා (11) දින විශ්වමඩු මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විනි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපතිතුමාගේ ඉල්ලීම මත ‘Venture Group’ සමුහ ව්‍යාපාරයේ අධිපති ක්‍රිශ්ණසාමි කනඟරාජ් මහතා සහ ‍ ‘Venture Mark International (Pvt) Ltd’ හි කළමණාකාර අධ්‍යක්‍ෂතුමන් සමගින් ‘US Hotel’ හි පරිපාලන අධ්‍යක්‍ෂ දුෂ්‍යන්ත් මහතා මෙම පරිත්‍යාගයන් සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.

මෙම පුණ්‍ය කටයුත්තට ප්‍රථම වී. ‍මනෝහරන් මහතා, වෛද්‍ය ශීව කෝනේෂන් සහ කේ. රත්‍යා මහතා විසින් මෙම පාසල් සිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා පරිත්‍යාග කරන ලද ජල පිරිපහදු ඒකකය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා විසින් විවෘත කරන ලදී.

මෙම ජල පිරිපහදු ඒකකය 572 බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉදිකරන ලද අතර, පාසල් උපකරණ හා නිල ඇදුම් බෙදාදීමේ උත්සවය ඉතා විචිත්‍රවත් සංස්කෘතික අංග වලින් සමන්විත වුහ. කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහ අනෙකුත් ආරාධිතයින් එක්ව පාසල් සිසුන් 150 වෙත ‍පාසල් උපකරණ හා පාසල් නිල ඇදුම් බෙදා දුන්හ. 572 වන බලසේනාවේ භට පිරිස් විසින් මේ සඳහා පැමිණි සිටි පාසල් සිසුන් වෙනුවෙන් කෙටි ආහාර‍වේලක්ද සුදානම් කර තිබිණි.

572 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලාල් විජේතුංග විසින් සංවිධානය කරන ලද මෙම පුණ්‍යමය වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහ පරිත්‍යාග සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් ක්‍රිශ්ණසාමි කනඟරාජා මහතා එක්වු අතර ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ප්‍රදේශයේ ගුරුවරුන්, විදුහල්පතිවරුන්, දෙමාපියන් සහ පාසල් සිසුන් සහභාගි වුහ.

Best Sneakers | Mens Flynit Trainers