Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th February 2018 13:59:00 Hours

12 වන සේනාංකයේ නව සේනාංකාධිපති වැඩ අරඹයි

හම්බන්තොට ප්‍රදේශයේ ස්ථානගත 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සරළ උත්සවයක් සිදුකරමින් සිකුරාදා (9) දින එම ධුරයේ වැඩ භාරගන්නා ලදී.

නව සේනාංකාධිපතිතුමන් වෙත 10 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් වන්නිආරච්චි සිය කාර්යාලයේ දී ධුරයේ රාජකාරි භාරගැනීම සංකේතවත් කරමින් රාජකාරි ලිපි කිහිපයකට අත්සන් තබන ලදි.

පසුව, නව ධූරයේ වැඩ ආරම්භ කිරීම සනිටුහන් කරමින් මුලස්ථාන පරිශ්‍රයේ සඳුන් පැලයක් ද රෝපණය කරන ලදි.

මේ අතර, මේජර් ජෙනරාල් හරේන් පෙරේරා වෙත 12 වන සේනාංකාධිපති ධූරයෙන් නික්ම යාම සනිටුහන් කිරිමට සරළ උත්සවයක් බ්‍රහස්පතින්දා (8) දින හම්බන්තොට 12 වන සේනාංක පරිශ්‍රයේ සංවිධානය කර තිබිණි.

සියළුම බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Asics footwear | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival