Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th February 2018 16:24:05 Hours

51 වන සේනාංකයේ භට පිරිස් විසින් වැඩිහිටි නිවාසයට හා ගම්වාසීන්ට දිවා ආහාර වේලක්

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාව යටතේ පාලනය වන 18 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යාපනය, සන්දිලිපායි ප්‍රදේශයේ පිහිටි ‘කල්වාලි’ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 50 දෙනෙකු වෙත මෑතකදී දිවා ආහාරයක් පිරිනමනු ලැබීය.

එමෙන්ම, 512 වන බලසේනා මූලස්ථානයේ සියලු නිලයින්ගේ සම්බන්ධතාවයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල තෝරාගත් සිසුන් 20 දෙනෙකු වෙත පාසල් උපකරණ මෙන්ම එම මූලස්ථානය යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) පාබල හමුදා භට පිරිස් විසින් ප්‍රදේශයේ පවුල් 100 කට වැඩි ප්‍රමාණයක් වෙත පාර්සල් කල දිවා ආහාර වේලක් ද පිරිනැමූහ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ගේ මඟපෙන්වීම යටතේ තවත් එක් ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක් ලෙස මෙය දියත් කරනු ලැබීය.

මේ අතර, 511 වන බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් යාපනය, ඉරුපාලෙයි ප්‍රදේශයේ පිහිටි ‘ඥාණම්’ ළමා නිවාසයේ නේවාසික දරුවන් වෙත ළමා චිත්‍රපටයක් නැරඹීමට අවස්ථාව සලසා දෙනු ලැබීය.

Best Nike Sneakers | New Releases Nike