Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th February 2018 21:24:50 Hours

ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් 51 වන සේනංකය විසින් ප්‍රජා සත්කාරක ව්‍යාපෘති රැසක්

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය විසින් ජාතික නිදහස් දිනයට සමඟාමිව ඉරිදා (4) දින යාපනය ප්‍රදේශයේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, 51 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් සියයකට අධික පිරිසක් විසින් පොදු ආයතන, කෝවිල්, විහාරස්ථාන, රෝහල්, පාසල්, වෙරළ තීරය වැනි ස්ථාන 10 කට වැඩි ප්‍රමාණයක් පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වූහ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්විමෙන් 511, 512, 513 සහ 515 යන බලසේනාවන්හි හා ඒ යටතේ වන ඒකකයන් ගේ සම්බන්ධතාවයෙන් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ගේ මුලිකත්වයෙන් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන් සංවිධානය කරනු ලැබීය.

511 වන බලසේනාවේ භට පිරිස් විසින් ශාන්ත මේරී දේවස්ථානය, උරලු ගනේෂ් විද්‍යාලය, කෝපායි රෝහල, මානිප්පායි ශික්ෂණ රෝහල, පුල්ලයාර් කෝවිල, තම්බලෙයි මුලික රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කරෙයිනගර් රෝහල් පරිශ්‍රය සහ කදුරුගොඩ රජ මහා විහාර භුමිය සුද්ධ පවිත්‍ර කිරිමේ ප්‍රජා සත්කාරක වැඩසටහන් වල නිරත වූ අතර, කදුරුගොඩ රජ මහා විහාරයේ දී බැතිමතුන් වෙනුවෙන් දන්සලක් ද පවත්වන ලදි.

එමෙන්ම 513 වන බලසේනාවේ භට පිරිස් විසින් ජාතික නිදහස් දිනයට සමඟාමිව කීරමලෙයි සහ මාඳගල් වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් ද පවත්වන ලදී.

short url link | UK Trainer News & Releases