Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th February 2018 21:09:49 Hours

22 වන සේනාංකය ත්‍රිකුණාමලයේදී නිදහස සමරයි

22 වන සේනාංකය සහ අනෙකුත් ආරක්ෂක අංශයන් හි අධික්ෂණයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 150 දෙනෙකුගෙන් හා පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ දායකත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිදහස් සමරු උළෙල ඉරිදා (4) දින ත්‍රිකුණාමලය, ෆෙඩ්රික් කොටුවේදි පවත්වන ලදී.

ජාතික නිදහස් දින උළලේ සම්මාන පෙළපාලිය හා අනෙකුත් සම්ප්‍රදායික කටයුතු වලින් අනතුරුව අංගම්පොර සටන් කලා සංදර්ශණයක් දනිදහස් දින සමරු වැඩසටහනට ඇතුලත් විය.

ජාතික දින නිදහස් උළලේ සාර්ථකත්වය වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයන් දැක්වූ සහයෝගය වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතා සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය විසින් සිය කෘතඥතාවය ද පළකර සිටියහ.

සර්ව ආගමික නායකයින්, නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ඩි.එම්.එස්. අබේගුණවර්ධන මහතා, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතා, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර, 221 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.පි.එස්. ප්‍රේමලාල්,ත්‍රිකුණාමලය නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, පළාත් සහ දිස්ත්‍රික් දෙපාර්තමේන්තුවල ප්‍රධානින්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් සහ අනෙකුත් ආරාධිතයින් රැසක් මේ සඳහා එක්වූහ.

best shoes | UK Trainer News & Releases