Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th February 2018 07:36:38 Hours

ලෙබනන් සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් සුදානම්

එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරින් සඳහා ලෙබනන් රාජ්‍යය බලා පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 12 වන සාම සාධක ආරක්ෂක කණ්ඩායමේ විසිරයාමේ පෙළපාලිය බදාදා දින (07) අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පැවැත්විණි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වන මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න මෙම විසිරයාමේ පෙලපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, නුදුරේදි ලෙබනන් බලා පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සාම සාධක භට පිරිස එහිදි එතුමා වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමනු ලැබීය.

මේජර් ජෙනරාල් වික්‍රමරත්න භට පිරිස් අමතමින් සිදුකල කෙටි දේශනයේ දී ශ්‍රී ලංකා දේශයේ අනන්‍යතාවය සහ සංස්කෘතීක වටිනාකම් සුරකිමින් වෘත්තීමය නිපුණත්වයෙන් යුතුව පැවරෙන එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් ඉටු කල යුතු බැව් අවධාරණය කළහ.

“ලෙබනනයේ එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා මුලස්ථානයේ ආරක්ෂක කටයුතු ඉටුකිරීමේ ඉතා වැදගත්ම රාජකාරිය ඔබ වෙත පැවරි ඇත. මීට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් එක්සත් ජාතින්ගේ මෙම සාමා සාධක රාජකාරින් සඳහා පිටත්වූ සියලුදෙනා එම කාර්යභාර්ය ඉතා හොදින් ඉටුකර ඇත. එම නිසා ඔබලා ද එලසින්ම විනයගරුකභාවයේ ඉහලම ප්‍රමිතියක් පවත්වා ගනිමින් ඔබගේ වෘත්තීමය ගෞරවයත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කිර්තීනාමයත්, ආරක්ෂා කරගැනීමේ වගකීම ඔබ වෙත පැවරි ඇත.” යනුවෙන් ද ප්‍රධාන ආරාධිත අමුත්තා සිය දේශනයේ දී වැඩිදුරටත් පැවසීය.

ලෙබනන් බලා පිටත්ව යාමට නියමිත එක්සත් ජාතින්ගේ මෙම ශ්‍රී ලංකා සාම සාධක කණ්ඩායමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකා රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය නියෝජනය කරමින් නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 140 දෙනෙකු ඇතුලත් විය.

එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා ලෙබනන් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිසේ පළමු කණ්ඩායම ( අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් 7 දෙනෙකු සහ සෙසුනිලයින් 43 දෙනෙකු) පෙබරවාරි මස තුන්වන සතියේ එම රාජකාරි භාරගැනීම සඳහා ලෙබනන් බලා පිටත්ව යාමට නියමිතව ඇත. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් ආර්.ඩබ්ලිව්.කේ. හේවගේ විසින් මෙම නව සාම සාධක කණ්ඩයට අණදීම සිදුකරනු ලබන අතර, ඉතිරි භට පිරිස් 2018 පෙබරවාරි මස 18, 19 සහ මාර්තු මස 06 යන දිනයන් හිදි දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා පිටත්ව යන මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් ලෙබනන්හි එක්සත් ජාතින්ගේ සාම සාධක ආරක්ෂක බලකා මූලස්ථානයේ ආරක්ෂක කටයුතු සහ ප්‍රභූ ආරක්ෂක රාජකාරින් සිදු කිරීමට නියමිතව ඇත. ලෙබනන් දේශයේ නකෝරා (Naquoura ) හි පිහිටි මෙම ආරක්ෂක බලකා මූලස්ථානය වෙත දිවෙන සියලුම මාර්ග ආරක්ෂාක රාජකාරි කටයුතු වල නිරත වන අතර, එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා අණදෙන නිලධාරි ගේ ඍජූ අණසකට යටත්ව නනොරාහි පිහිටි ආරක්ෂක බලකා මූලස්ථාන ආධාරක ඒකකය යටතේ සාමා සාධක රාජකාරින් ඉටු කරනු ලබයි.

වර්ෂ 2010 සිට මේ දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ලෙබනන්, යුනිෆිල්හි පිහිටි එක්සත් ජාතින්ගේ සාම සාධක ආරක්ෂක මූලස්ථානයේ ඉල්ලීමකට අනුව මේ වනවිට භට කණ්ඩායම් 11 ක් එම දේශයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා පිටත්කර ඇත. ලෙබනන් දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් කටයුතු වර්ෂ 1978 දී ආරම්භ කරන ලද අතර, එහි සේවයේ නියුතු පළමු ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට කණ්ඩය වර්ෂ 2010 දී එම රාජ්‍ය බලා පිටත්ව තිබේ. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් පළමු භට පිරිස වර්ෂ 2012 දී ලෙබනන් බලා පිටත්ව ගිය අතර, ඒ අනුව නුදුරේදි පිටව යන්නේ එම රාජකාරින් භාරගැනීමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන භට කණ්ඩායමයි.

මෙම සාම සාධක කණඩායම නියෝජනය කරන රෙජිමේන්තු සේනාවිධායකවරුන්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින්, යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

best Running shoes brand | nike air jordan lebron 11 blue eyes black people