Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th February 2018 22:10:27 Hours

අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරන ශාඛාව විසින් රාජ්‍ය ටෙන්ඩර් පටිපාටිය සබැඳිව දැනුවත් කිරීමේ වැඩසටහනක

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ උපදෙස් මත අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරන මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර ගේ අධීක්ෂණයෙන් රජයේ ටෙන්ඩර් පටිපාටිය සබැඳි දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 ජනවාරි මස 18 සහ 19 යන දෙදින පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු‍සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්ෂ අභ්‍යන්තර විගණන බ්‍රිගේඩියර් එම්.එස්.සි. පෙරේරා සහ ප්‍රධාන අභ්‍යන්තර විගණක එම්.එස්. අනුරාධ මහතා විසින් මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබීය.

රජයේ ටෙන්ඩර් පටිපාටිය, ප්‍රසම්පාදන මාර්ගෝපදේශණය - 2016 (භාණ්ඩ සහ වැඩ) හා යුද්ධ හමුදා ප්‍රසම්පාදන ක්‍රියාවලි සබැදි හමුදා නියෝග අංක AO 08/2017 පිළිබඳව යුද්ධ හමුදා මුලස්ථානය, ආරක්ෂක සේනා මුලස්ථාන, ඉදිරි නඩත්තු පෙදෙස් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානවල ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ නිලධාරින්, සෙසුනිලයින් මෙම වැඩසටහනේ දී දැනුවත් කරන ලදී.

දින 02 ක් පුරාවට පැවති මෙම වැඩසටහන සඳහා නිලධාරින් 108 දෙනෙකු සහ සෙසුනිලයින් 133 දෙනෙකු සහභාගි වුහ.

Sportswear Design | Releases Nike Shoes